28
Dec

එන්න එළියට සොඳුර දැන්

http://1.bp.blogspot.com/_VOZ7LKYhHTs/TNEwRUVTwJI/AAAAAAAAAC0/JadkCFdO5nI/s1600/LittleGirlMoon.jpg

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්
එන්න සොඳුරිය දොර ඇරන්

වැව් කුමුදු මල් දිය මත හිඳන්
පුර හඳට ළංවි සීරුවෙන්
නිල් සළු ඇදන් වැව රැළි නගයි
රෑ කුමරියට බැදි ප්‍රේමයෙන් ..
ඔබ විතරමයි අඩු මේ රැයට
දැන් එන්න එළියට දොර ඇරන්

එන්න එළියට ..

සීතල සුළන් සිපද කියයි
වැවු ඉවුර මත මදහාසයෙන්
තුරුලිය සෙමෙන් කෙහෙරැලි කඩයි
මිදුම් යහන අනුරාගයෙන් ..
ඔබ විතරමයි අඩු මේ රැයට
දැන් එන්න එළියට දොර ඇරන්

එන්න එළියට ..

ගායනය-කසුන් කල්හාර
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

22
Dec

දෙකොපුල් කදුලින් තෙමා

 
දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලළත තබා
නික්‌මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යමේ
සුහදිනියේ....
මින්පෙරදි අපි මේ වගෙ වෙන් වි යන්නට ඇති
මේ කදුලු ගංගා ඉමේ කොතනක හෝ
මගෙ ජීවිතේ ඉකිබිදී ඔබේ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආව වගෙ වෙන්වී යයි

ඔබ පපුතුරේ මා හිදී මගෙ පපුතුරේ ඔබ හිදී
ලන්වෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ
දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලළත තබා
නික්‌මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යමේ

සුදු සිනිදු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවද දැනෙනා ඉමේ දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබේ සිහින වල මා හිදී මගේ සිහින වල ඔබ හිදී
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ
දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලළත තබා
නික්‌මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යමේ
සුහදිනියේ.......
ගායනය-
ලහිරු පෙරේරා
අභිෂේකා විමලසේන
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...