එන්න එළියට සොඳුර දැන්

http://1.bp.blogspot.com/_VOZ7LKYhHTs/TNEwRUVTwJI/AAAAAAAAAC0/JadkCFdO5nI/s1600/LittleGirlMoon.jpg

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්
එන්න සොඳුරිය දොර ඇරන්

වැව් කුමුදු මල් දිය මත හිඳන්
පුර හඳට ළංවි සීරුවෙන්
නිල් සළු ඇදන් වැව රැළි නගයි
රෑ කුමරියට බැදි ප්‍රේමයෙන් ..
ඔබ විතරමයි අඩු මේ රැයට
දැන් එන්න එළියට දොර ඇරන්

එන්න එළියට ..

සීතල සුළන් සිපද කියයි
වැවු ඉවුර මත මදහාසයෙන්
තුරුලිය සෙමෙන් කෙහෙරැලි කඩයි
මිදුම් යහන අනුරාගයෙන් ..
ඔබ විතරමයි අඩු මේ රැයට
දැන් එන්න එළියට දොර ඇරන්

එන්න එළියට ..

ගායනය-කසුන් කල්හාර
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...