21
Sep

දෙවැට අයිනේ මල් පිපෙන්නේ

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjn5ciLRjFqjV0pu1WKHaBC3TBNnuI6wQLj6U5isQ2b0RyhTEmS9c6lYel8GKUZP0QPQZbIfy07gcb_86fOarC78OjShGzFThV80RoRRe38ZnGbiJGz26a10jNAJUMlBAVmAMNw12RB2NU/s1600/hellow__mellow__by_sunnyou%5B2%5D.jpg

දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙළන්නේ මාලයක් ගොතන්නයි
සුවඳ මල්වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි

සියුමැලී මල්පෙතී පාට පාටින් සැරසෙති
ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නො අසති

බට ගහේ අතු අතවනන්නේ පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ බට නෙළන්නේ බට නළා හදන්නයි
හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නළා වයන්නයි
බට නළාවේ ඒ අසෙන්නේ ආදරේ කතාවයි

බට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින්
නැගෙන ගී රාවයෙන් මියුරු වේ අප සවන්

ගායනය:-භද්‍රජී මහින්ද ජයතිලක

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

21
Sep

හන්තාන කඳු පෙළ

http://24.media.tumblr.com/tumblr_m59f5drFZr1qdfjizo1_1280.jpg

හන්තාන කඳු පෙළ හඳට ආවඩා...
සරසවියට පිණි පොදක් වැටෙනවා...
මගෙ හද මැදුරට අඳුර ගලනවා...
බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා...

කෝ ඈ..
කොහෙද මගෙ රන් කිරිල්ලී..
ඇයිදො ගියෙ ඉගිල්ලී...
මා මෙහි හැරදා...
ඈතයි...
ඔබ ගියෙ දුර ඈතයි..
නිවහන මගෙ සීතයි..
එන්න යළි පියඹා...

මා මෙන් තනි උන බට්ටිත්තෝ..
ගොම්මන් අඳුරට බිය වීදෝ..
විරහ ගීය මගෙ ගයනවදෝ..
මා සනසන්නට හඩනවදෝ..

පියඹා යන්නට මට නම් බෑ..
ඈ සරසවියට එන්නෙත් නෑ..
ගග ලග පෙම් තොට පාළු වෙලා..
මල් පෙති බොර දියෙ මලින වෙලා...

කෝ ඈ..
කොහෙද මගෙ රන් කිරිල්ලී..
ඇයිදො ගියෙ ඉගිල්ලී...
මා මෙහි හැරදා...
ඈතයි...
ඔබ ගියෙ දුර ඈතයි..
නිවහන මගෙ සීතයි..
එන්න යළි පියඹා...

ගායනය:-භද්‍රජී මහින්ද ජයතිලක 
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...