දෙවැට අයිනේ මල් පිපෙන්නේ

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjn5ciLRjFqjV0pu1WKHaBC3TBNnuI6wQLj6U5isQ2b0RyhTEmS9c6lYel8GKUZP0QPQZbIfy07gcb_86fOarC78OjShGzFThV80RoRRe38ZnGbiJGz26a10jNAJUMlBAVmAMNw12RB2NU/s1600/hellow__mellow__by_sunnyou%5B2%5D.jpg

දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙළන්නේ මාලයක් ගොතන්නයි
සුවඳ මල්වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි

සියුමැලී මල්පෙතී පාට පාටින් සැරසෙති
ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නො අසති

බට ගහේ අතු අතවනන්නේ පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ බට නෙළන්නේ බට නළා හදන්නයි
හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නළා වයන්නයි
බට නළාවේ ඒ අසෙන්නේ ආදරේ කතාවයි

බට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින්
නැගෙන ගී රාවයෙන් මියුරු වේ අප සවන්

ගායනය:-භද්‍රජී මහින්ද ජයතිලක

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

2 comments:

  1. ඔයාත් භදුජීට ලව් වගේ.මං දැක්කා බට්ටිත්තා සින්දුවත් දාලා තියෙනවා...)
    මං මාරම ලව් මනුස්සයාට.හැබැයි සින්දු නෙවෙයි නවකතා සම්බන්ධයෙන්!

  1. හ්ම්ම්ම්...එයගේ සිංදු හරි ලස්සනයි.ඒත් එයා නවකතා ලියනවා කියලා දැනගත්තේ ඔයා කීවට පස්සේ.මොනවද එයාගේ නවකතා තියෙන්නේ?

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...