30
Oct

දහ අතේ දුවන මල් සුවඳට

 http://us.123rf.com/400wm/400/400/arttom17/arttom170907/arttom17090700013/5175751-three-butterflies-on-a-flower.jpg

දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ..
ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නදෝ..
ගඟ ගලා බහිනදා දෝතින් රඳා ගන්නදෝ..
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..

නුඹ මට ගඟක් වුනා..
නුඹේ සිත පින් තොටක් ලෙසින් රකින්නට වුනා
මගේ නෙතු වහන් වුනා..
දිය පවස තියෙන හැමටම නුඹ පැන් තොටක් වුනා

දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ..
ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නදෝ..
ගඟ ගලා බහිනදා දෝතින් රඳා ගන්නදෝ..
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..

නුඹ මට මලක් වුනා..
නුඹේ සිත රන් මලක්  ලෙසින් රකින්නට වුනා..
මල් සුවඳට පෙමිනා..
ආ බඹර උකුලු මුකුලින් නුඹේ හිත වෙනස් වුනා

දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ..
ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නදෝ..
ගඟ ගලා බහිනදා දෝතින් රඳා ගන්නදෝ..
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..

ගායනය-රොහාන් ශාන්ත බුලේගොඩ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

29
Oct

මෙතෙක් ආ මඟ

 http://stalinsmoustache.files.wordpress.com/2010/05/samson-21.gif

මෙතෙක් ආ මඟ...වැරදි බැව් දැන් පසක් වී ඇති නිසා මා හට..
හැරී ආපසු මගේ දේශය..මගේ මිනිසුන් වැලඳ ගන්නෙමි..
ඉංගිරිසි කදවුරෙන් ගෙන ආ සියළු අවි ආපසු යවන්නෙමි...
කියව් මහ ඒජන්තයාටම මගේ වැසියන් සමඟ එන බව...
මගේ වැසියන් සමඟ එන බව...

මහ දිසාවේ ලෙසින් වූයේ රාජ සේවය පිණිස සිටියෙමි..
අදින් පසු මව් බිමේ නිදහස පතා ජීවිතයම පුදන්නෙමි..
රුදුරු කදිරට දෙපා මුල වැඳ වැටෙන නිවටෙකු නොවී කිසිදා..
රටට වින කළ සතුරු කැළ පි‍ටුවහල් කෙරුමට යුධ වදින්නෙමි..

පුරුතුගීසී ලන්දේසී ඉංගිරිසි වෙසින් එන අන්තරා වලකා..
මුතුන් මිත්තන් එදා ‍රැක දුන් යසස් අභිමන් නොහැර ලංකා..
යලි රකින්නේමි මව් කිරට ණය නොවී නොදී සංකා..
පුරමු ජය පැන් දිනා සටනින් උතුම් දළදා නමින් ලංකා
උතුම් දළදා නමින් ලංකා...

ගායනය-සුනිල් එදිරිසිංහ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

16
Oct

කල්පනා ලොව මල් වනේ

http://shivanimathur.com/images/paintings/Dream_girl_01_L.jpg

කල්පනා ලොව මල් වනේ...
සිහින රජ දහනේ...
ආදරේ...ආදරේ...

නීල අහසේ තාරකා සේ...
ඈ නුවන් දල්වා බලන්නී...
ප්‍රේමයේ මායා දැළින් මා...
සිත් නුවන් බඳවා තබන්නී...

කල්පනා ලොව මල් වනේ...
සිහින රජ දහනේ...
ආදරේ...ආදරේ...

මා වටා සහසක් නුවන් පා...
ඈ රුවින් පිළිරූ මැවීලා...
පාව යයි මුළු ජීවිතේ සුදු...
මීදුමින් දැවටී එතීලා...

කල්පනා ලොව මල් වනේ...
සිහින රජ දහනේ...
ආදරේ...ආදරේ...


ගායනය-අබේවර්ධන බාලසූරිය       
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif



15
Oct

එක වරක් ඔබට මා එපා නම්

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQiHxGCzwpCNLV7sz3NDgAr10V5VlQ2ybo2scP0nQbG5dLW21EIai5LtZtpOCZ_J3ZAMbFe-PXloXj7bhCwgIkJTcUW9rEC_KUVjEIiCwUPUK61x9K3lUZKO9sWGQgFzSDUWfc79srrBVX/s400/Walking_Away_From_Everything_by_vampire_zombie.jpg

එක වරක්...ඔබට මා...එපා නම්...
සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...

මම මගේ.. පාඩුවේ..හඬ හඬා.. සිටින්නම්...
ඔබ ඔබේ.. ලෝකයේ.. මිණි කිරුල පළඳින්න...//

එක වරක්...ඔබට මා...එපා නම්...
සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...

ඔබේ හද පහුරුගා..වේදනා නොදෙන්නම්..
ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩ දෙන්න..//

එක වරක්...ඔබට මා...එපා නම්...
සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...//

ගායනය-විජය කුමාරතුංග
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

13
Oct

රෑ අහසින්

 http://data.whicdn.com/images/12718807/couple-lights-london-love-rain-Favim.com-117886_thumb.jpg

රෑ අහසින්...වැටෙනා..
බිංඳු බිංඳු පිණි බිංඳු
නොපිපි මල සොයනවා...
මුවා වී..ඉන්න එපා...
හරි සීතලයි...
සීතලයි..පින්න...

සිපගන්න බයෙන් මහ පොළොව..
පිනි බිංඳු හඬනවා...
නිම්නාද දී..........
දෙතොලතර.. ඉඩ දෙන්න....
නවාතැන්පල වෙන්න...
හරි සීතලයි..පින්න..

අනෝරා.. පිණි යටින්..
තෙමි තෙමි..ඇවිදින්න...
ගිණි නැඟෙනා ආත්මය...
පිනිදියෙන්..දෝවන්න...
සිරුරතර...ඉඩ දෙන්න...
නවාතැන්පල වෙන්න...
හරි සීතලයි..පින්න..

ගායනය-කසුන් කල්හාර
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

9
Oct

සඳක් නම්

 http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/169080_10150100308939551_603489550_5963648_6481158_n.jpg


සඳක් නම්... බැස යන්න තිබුනා..
හඬන අහසට අඳුර දී...
මලක් නම්...ගිලිහෙන්න තිබුනා...
ක‍ටු අගට ලස්සන නොදී...//

පරෙවි තුඩකින් විළඳ දුන්නට...
ගිරවියක වළඳන්නේ නෑ...
කඳුළු බිඳුවක ‍රැ‍ඳෙන ගින්දර...
හිනාවක් හඳුනනේ නෑ...

සඳක් නම්... බැස යන්න තිබුනා..
හඬන අහසට අඳුර දී...
මලක් නම්...ගිලිහෙන්න තිබුනා...
ක‍ටු අගට ලස්සන නොදී..

පොළොව උසුලන...සියළු දුක සැප..
අහස් තලයෙනි හිමි වුනේ...
පොළෝ තලයට... අහස දුර බව ...
සිතන්නේ ඇයි මිනිසුනේ....

සඳක් නම්... බැස යන්න තිබුනා..
හඬන අහසට අඳුර දී...
මලක් නම්...ගිලිහෙන්න තිබුනා...
ක‍ටු අගට ලස්සන නොදී..

ගායනය-රොහාන් ශාන්ත බුලේගොඩ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

8
Oct

සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිළෙන්නා

 
සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිළෙන්නා...//
නිල් අහස් පුරා රංචු ගැසී පක්ෂීන් පියඹන්නා..//
සෝබාව නැගේවී....අරුණෝදේ සුන්දරා...
සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිළෙන්නා...//
සෝබාව නැගේවී....අරුණෝදේ සුන්දරා

ප්‍රීතී පුරා හෘදේ මෝරලා හා... හා... හා.....හා... හා... හා...
දේවී සදා සුරම්‍යය සම්පතා..

දැන් කාලේ ලෝකේ ඇතී...
කෙල්ලන්ගේ චාරේ ඇතී...
සංසාරේ මේවාගේ නෑ සැපා...//

සැන්ගී සැන්ගී ඈත සූරයා දිළෙන්නා...//
නිල් අහස් පුරා රංචු ගැසී පක්ෂීන් පියඹන්නා..//
සෝබාව නැගේවී....අරුණෝදේ සුන්දරා...

ගීතේ සේ පක්ෂීන්ගේ සෝබනා.... හා...හා..හා...හා...හා..හා...//
මිහිරක් මේ ජීවේ සැපා දෙනා...

මේ ලෝකේ සෑම කලේ යාවී නෙත ගාව ගිලී
කාලේ අපේ ලංවේ වාසනා...//

සැන්ගී සැන්ගී ඈත සූරයා දිළෙන්නා...//
නිල් අහස් පුරා රංචු ගැසී පක්ෂීන් පියඹන්නා..//
සෝබාව නැගේවී....අරුණෝදේ සුන්දරා...


ගායනය-ජී.එස්.බී රානි පෙරේරා
 http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

5
Oct

අප්පච්චී....

 http://www.almightydad.com/wp-content/uploads/2009/08/father-son1.jpg

සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චී....

ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුණු කෙත්වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම හිදිනා
අප්පච්චී...

මෙහෙවරට ආවැයි සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සගවා
අකම්පිත වත පා
අප්පච්චී....

ගායනය - කසුන් කල්හාර
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

1
Oct

එක යායේ

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgL2Fr0nY8jLgv0AbQo9UQv7OcojKXIU2fXZwyY-t3zousCUr0G6Uj_GqVotogV2Snj1ZBhdUmOlYaK8hZDp342KpmqUuGV7f0diEwldBZGUigeH9P2QCms9810_IE4M6AmZp7WIvzdqnLE/s640/Funny_wedding_cake_top.jpg

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

එක යායේ...

වලට වැටුණු එකා යකා
වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී

එක යායේ... 

ගායනය- සුනිල් එදිරිසිංහ/බන්ධුල විජේවීර/එඩ්වඩ් ජයකොඩි
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif




1
Oct

අපි එකම රෑනෙ කුරුල්ලෝ

http://mrbarlow.files.wordpress.com/2009/08/bird_v-flying.jpg

අපි එකම රෑනෙ කුරුල්ලෝ//
මේ පාරාදීසේ...
නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා...මේ රෑනේ..

මදු තියලා දැල් එළලා
නෑ පැටලෙන්නෙ අපී
අපේම ලොවකට පියඹා යන්නේ..
වරෙල්ලා...මේ රෑනේ...
 
තටු ලැබුනේ පියඹා යන්නයි
කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
අපේම ලොවකට පියඹා යන්නේ..
වරෙල්ලා...මේ රෑනේ...

ගායනය - විජේසුන්දර වේරගොඩ

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...