Showing posts with label අමිල පෙරේරා. Show all posts
Showing posts with label අමිල පෙරේරා. Show all posts

දුර ඈත දින සමනල්වියේ මා...


දුර ඈත දින සමනල්වියේ මා...
සසල කළ යුවතී...
සිත් බැඳි සෙනේ මා සිරකරන්...
මිතුදම් අපේ පැවතී...
ඔබ තරම් මසිතට සුවගෙනා...
තව කෙනෙක් නම් නොමැතී...
අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී
අන්දකාරේ..මං මුලාවී..පාවෙමින් ගෙව් ජීවිතේ
අරුත් පුරවා දෙනෙත් පාදා..
ඈ ලංවුනේ නොසිතූ ලෙසේ..
උමතු වූ ආදරෙන් බඳී...
ගෙවුනු දින අද සිහිනෙකී..
පෙර වැරදි මා සතු වෙන්නැතී...
දෙවියෙකු නොව මා මිනිසෙකී...
මිතුරු කැල හැම සතුරු වී ..
ඈ මගෙන් උදුරා ගත් හැටී..
මුලු දිවිය සැනකින් නතර වී...
අදහනු නොහැකිසේ ඇදවැටී..
ඉර හඳ තරුත් ගස් වැල් විලුත් ගලවන්න මට සිතුනී...
නිළ බල ඇතත් රජකම ලදත් 
දැන් මට කුමට ලඳුනී..
පරම පිවිතුරු ආදරේ
සසරදිම පැවතී..
බිඳක්වත් නෑ අඩු වුනේ..වැඩි වුනා පමනී..
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා..
විඳින බැව් තනිවී..
ඔබ දන්නේ නෑ එය..
දන්නවා නම් යන්නේ නෑ වෙන්වී...

Related Posts Plugin for WordPress, Blogger...