Showing posts with label මාලනී බුලත්සිංහල. Show all posts
Showing posts with label මාලනී බුලත්සිංහල. Show all posts

හිමිනැති පෙමකට

 http://i.sabah.com.tr/sbh/2009/12/14/Haber/691538356250.jpg

හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා..
අන්සතු හදකට පෙම්කල වරදට
ලොව මට එරෙහි වෙලා...//

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවේ...

හිමි නැති පෙමකට...//

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් ඉද හිනැ‍හෙනු මැනවී

හිමි නැති පෙමකට...//

ගායනය-මාලනී බුලත්සිංහල

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


සිතක් කෙලෙසද මේ තරම්

 http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/50019_100001546361052_9119_n.jpg

සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කදුළැලි සලන්නේ...//

‍ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද
කල්පයක් වී දැනේ නම්..//
ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
සිතා ගන්නේ කෙලෙසදෝ..

සිතක් කෙලෙසද...//

සුසුම් කදුළැල් සිහින පමණක්
උරුමයන් වී සදා කල්...//
සතුට මොහොතක මිරිඟුවක් වී
බිඳී යන්නේ ඇයි මෙසේ...

සිතක් කෙලෙසද...//

ගායනය-මාලනී බුලත්සිංහල
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම



සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම...
නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව..
දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන...
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...

නෑබුල් පැතුම් අහසට නැග රහසේම...
දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව..
ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම...
දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව..

ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ..
සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව...
කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම..
මට අත වනාපන් නළියන නළ සේම..

Related Posts Plugin for WordPress, Blogger...