Showing posts with label එඩ්වඩ් ජයකොඩි. Show all posts
Showing posts with label එඩ්වඩ් ජයකොඩි. Show all posts

එක යායේ

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgL2Fr0nY8jLgv0AbQo9UQv7OcojKXIU2fXZwyY-t3zousCUr0G6Uj_GqVotogV2Snj1ZBhdUmOlYaK8hZDp342KpmqUuGV7f0diEwldBZGUigeH9P2QCms9810_IE4M6AmZp7WIvzdqnLE/s640/Funny_wedding_cake_top.jpg

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

එක යායේ...

වලට වැටුණු එකා යකා
වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී

එක යායේ... 

ගායනය- සුනිල් එදිරිසිංහ/බන්ධුල විජේවීර/එඩ්වඩ් ජයකොඩි
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif





මේ ඉර හද යට හමුවී

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaC94u9_rjunxhB5u2rDxPvb3qMKt71JJC-S7EYG_zGot_eq1UUcUjum25igr3Ct4tBO26DX56WZfpsY25ZJM-J4ZbHmZlf6ll51-87vhG_WXiP4IvfzsXNppB8tSFr3pPR_zfgPZZm_M/s320/lovers+break+up.jpg

මේ ඉර හද යට හමුවී ආදරයෙන්..
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟපාතකවත් නෑ...
මේ ඉර හද යට හමුවී...

අද නුඹ කොතැනද-අද මා කොතැනද..
දන්නේ නෑ නුඹ මටත් හොරා...
ජීවන මහ මග සටන් වැදී ඇත
නාදුනනා පෙම්වතුන් වෙලා...

මේ ඉර හද යට හමුවී...

දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා..
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
නෙතටත් කඳුලක් ඉතිරිවෙලා..

මේ ඉර හද යට හමුවී...

ගායනය-එඩ්වඩ් ජයකොඩි
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


මිනි මිනි පොද වැටේවි

 

මිනි මිනි පොද වැටේවි
මල් මිනි බැදි නිවේවි
ඔබ එනවා නම්...
දේදුනු පාළම උඩ හැන්දෑවේ
මම ඉන්නම්..//

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුහුනින්...
රන් තරු මාල බැඳන් රන්වන් අහසින්...
අද හොඳම දවස...අද හොඳම දවස...
ඔබ එනවානම්...

මිනි මිනි පොද වැටේවි..

ගායනය-එඩ්වඩ් ජයකොඩි

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


නෙතු දැහැන් බිඳී

 http://th09.deviantart.net/fs40/300W/i/2011/194/2/3/couple_in_love_by_fajridet-d1t455j.jpg
නෙතු දැහැන් බිඳී..
හද විමන් වදී..
සුරඟනක් වගෙයි කුමරී..
සෙනෙහසින් වදී..
සිත ගිමන් නිවී..
පෙම් කවක් ලියයි මිහිරී...

ගණදුරෙන් මිදී..
තරු ‍රැහැන් අදී..
සිහිනයෙන් වඩී කුමරී..
මීදුමෙන් ඇදී..
සිසිලසින් එතී..
නෙතු අගින් බලයි සොඳුරී..

හසඟනන් පිරී..
පෙති පියුම් හැරී..
කළඹවයි විලේ වැතිරී..
සඳ කැලුම් රිදී..
තුරු අඟින් මිදී..
නෙක දසුන් මවයි කිඳුරී..
 


බුදු බණක් කියන්නට



බුදු බණක් කියන්නට...
පුතු ගෙදර ඇවිල්ලා...
බුදු සුවඳ...බුදු එළිය පැල පුරා ඉහිරිලා...
බුදු පුතේ නුඹ දිනක බුදුවෙයන් කියාලා...
නියත විවරණ දෙන්න යමු මැණිකේ නැඟිටලා...
හැබැයි ඉස්සර වගේ...
මගේ පුතේ කියාලා..
තුරුලු කරගන්න නම් එපා ඉක්මන් වෙලා...
බත් කටක් කවන්නට හිත ගියත් ලංවෙලා..
එපා සිල් ඇවැත් වෙයි...
මව් සෙනෙහේ සිහිවෙලා...
බණ කතා කියනකොට...
හුරතලෙන් මුව විදා..
කඳුලු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා..
හැගුම් නැති සිතින් පුත් දකින්නට දිරි පතා..
අපිත් විවරණ ලබමු...
වැටී වැඳ පුතු දෙපා...

Related Posts Plugin for WordPress, Blogger...