Showing posts with label ශශිකා නිසංසලා. Show all posts
Showing posts with label ශශිකා නිසංසලා. Show all posts

සියපතක් පිපුණා පොකුණු තෙර

 http://www.desicomments.com/dc1/09/139690/139690.jpg

සියපතක් පිපුණා පොකුණු තෙර
නිල් විලේ නිල් විලේ...
එක හිතින් පෙම් කලා නම් ඔබ
මට අගේ මට අගේ...//

නෙතින් නෙත හදුනා වරින් වර
හමුවෙලා අප හමුවෙලා
පැතුම් මල් විකසිත කරන්නට
වෙහෙසුනා අප වෙහෙසුනා..
මෙයද දෛවය මෙයද ඉරණම
වෙන්වුනා අප වෙන්වුනා..

සියපතක් පිපුණා...//

සසර මඟ හදුනා අතර මඟ
තනිවුනා අප තනිවුනා...
අත දුරක නොපිපී නෙලන්නට
බැරි වුනා මල් බැරි වුනා...
සුවඳ සුදු මල් නිබඳ පිදු පෙම
‍ගොළුවුනා පෙම ගොළුවුනා...

සියපතක් පිපුණා...//

ගායනය-ශශිකා නිසංසලා

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_uCq7DnjGy2BJHE75ytyW7FOwRdfJplxF07qBla_Wz7a99Dx7umnXOy8rhfxklEzqeJxEDhWTkKhco8j5OzPxQkGntjUziS0TIYWLGhDgWuS-nsQOX5knr7Kl_6asJGCnhN8Rej_lefBQ/s1600/back,dress,horizon,water,alone,girl-f7237054f369aca58041b635c3bfa3d2_h.jpg

ආ මග වැරදී යන මං නොපෙනේ
තනිවී දෙවිඳුන් නැති දෙවොලේ..
කව්රු යදින්නද කව්රු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඬලේ

සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ
දං පදුරේ මංකඩ ලඟ ගොම්මන් අඳුරේ
දිය බුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

හඬා දොඩා කීවත් දුක කව්රුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ
මන්දාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මග හිරිකඩ හෙළුවේ

සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ...

ගායනය -අමරසිරි පීරිස් සමග ශශිකා නිසංසලා

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...