Showing posts with label උරේෂා රවිහාරී. Show all posts
Showing posts with label උරේෂා රවිහාරී. Show all posts

සුන්දරයි සුන්දරයි කොදෙව්වම සුන්දරයි


සුන්දරයි සුන්දරයි
කොදෙව්වම සුන්දරයි
කොදෙව්වේ මග තොටේ
අප දෙදෙන විතරමයි
නිල් විලෝ තුරු යටින්
සුදු රිදී මල් මතින්
අපි ඇවිදිමු..........

නගරයේ මද්දහන්
ගින්දරත් ශීතලයි
පත පොතේ පිටු පුරා
සකුණ සංගීතයයි
ලහිරු එලි තුරු වෙලී
අසනි වැහි මල් වැහී
මා ඔබේ... මා ඔබේ
ඔබයි මගේ ජීවිතේ

මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ....

මල්සරා සර සරා
හදින් හද හී විදී
හදවතේ වෙණ තතේ
සත්සරක ස්වර මදී
දොරින් දොර සැණකෙලී
තුරින් තුර සැරසිලී
මා ඔබේ... මා ඔබේ
ඔබයි මගේ ජීවිතේ

මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ.......

ගායනය-ඉමාන් පෙරේරා සමග උරේෂා රවිහාරී
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...