Showing posts with label අසංග ප්‍රියමන්ත පීරිස්. Show all posts
Showing posts with label අසංග ප්‍රියමන්ත පීරිස්. Show all posts

කවියක් වගේ විඳිනවා

 

කවියක් වගේ විඳිනවා...
පවනක් වගේ දැනෙනවා...
මුහුදක් වගේ කැළඹිලා..
සුවඳක් වගේ ආදරේ...//

සුවඳයි වදන්- අරුතක් නැතත්...
බොලඳයි නමුත්- සොඳුරුයි හැඟුම්..
සොඳුරුයි හඟුම්...

කවියක් වගේ.....

කඳුළුත් පිරෙයි...හස‍රැල් ගලයි..
ඉවසුම් නොවෙයි..සොඳුරුයි හඟුම්...
සොඳුරුයි හැඟුම්...

කවියක් වගේ....//
 http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම



සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම...
නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව..
දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන...
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...

නෑබුල් පැතුම් අහසට නැග රහසේම...
දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව..
ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම...
දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව..

ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ..
සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව...
කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම..
මට අත වනාපන් නළියන නළ සේම..


හිරු විකසිත වී මිය යන පොළොවේ


හිරු විකසිත වී මිය යන පොළොවේ..
එළිය අඳුර සම සමව බෙදයි...
ගත පණ නළ වන් රුධිරය මව්ගේ...
කිරට හැරී කුසගිණි නිවලයි...

සුමුදු වදන් සවනත පාවේ...
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ...
ලෝකය බිහිකල මව්නි මගේ...
නුබේ නමට මුලු ලොවම වදී...

හදමඬලේ සෙනෙහස් කදුලින්...
සුදු බුදු ‍රැස් විහිදුනි අහසේ...
එවන් මහිමයක් ලොවට උදාකල් 
අමව්නි ඔබට මුලු ලොවම ගැතී...

Related Posts Plugin for WordPress, Blogger...