Showing posts with label රකිත වෙලන්ගොඩ. Show all posts
Showing posts with label රකිත වෙලන්ගොඩ. Show all posts

අඳුරු අහසක රෑ කැටයම්

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJuf3sWXWaluej0KxBvjdb1NRTT_KVnvjtolp_PIwtc3kqxoEkenPFROlm6cy6c2GqaHFnbFk_xtRHNMFY435nXJXe9hhQEJLAGXk4y4IgTgrUgDutEd_nrRIrsO6r7a6XT-dT54cTkF2h/s1600/girl-with-black-rose-1.jpg

අඳුරු අහසක රෑ කැටයම්
සඳකි තනිකම් කළ සිත්තම්
ඔබට තවකෙක් පමණක් නම්
මියෙමි සඳවත අද මා නම්
නොනිමි කඳුළක පටලා හද
අඳුර කිම සැඟවී දුර තෙර
කිබඳ මහද ද ඔබ වූ සඳ
කිමද ඉකිබිඳ හද වැද අද

නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ
මා පැතු සෙනේ
මඟ නොදැන ඔබ යන මඟ දැක
මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඬවා
ළතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
හිම මෙනි දියේ

අඳුරු අහසක ....

මුකුලිතව සිත වත නෙත වැඩි
කඳුළයි නෙතේ
සිතක දුක දැක දැක ඔබ මෙන්
වෙන්වී ගියේ
දිවිතත් නැතත් මා හඬවා
ළතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
හිම මෙනි දියේ

අඳුරු අහසක ...

 

Related Posts Plugin for WordPress, Blogger...