Showing posts with label ඉමාන් පෙරේරා. Show all posts
Showing posts with label ඉමාන් පෙරේරා. Show all posts

සුන්දරයි සුන්දරයි කොදෙව්වම සුන්දරයි


සුන්දරයි සුන්දරයි
කොදෙව්වම සුන්දරයි
කොදෙව්වේ මග තොටේ
අප දෙදෙන විතරමයි
නිල් විලෝ තුරු යටින්
සුදු රිදී මල් මතින්
අපි ඇවිදිමු..........

නගරයේ මද්දහන්
ගින්දරත් ශීතලයි
පත පොතේ පිටු පුරා
සකුණ සංගීතයයි
ලහිරු එලි තුරු වෙලී
අසනි වැහි මල් වැහී
මා ඔබේ... මා ඔබේ
ඔබයි මගේ ජීවිතේ

මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ....

මල්සරා සර සරා
හදින් හද හී විදී
හදවතේ වෙණ තතේ
සත්සරක ස්වර මදී
දොරින් දොර සැණකෙලී
තුරින් තුර සැරසිලී
මා ඔබේ... මා ඔබේ
ඔබයි මගේ ජීවිතේ

මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ.......

ගායනය-ඉමාන් පෙරේරා සමග උරේෂා රවිහාරී
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


සුවඳ මල් රේණු පිස එන

 http://www.wallpaperhere.com/thumbnails/detail/20110622/fantasy-161.jpg

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා...

සීත පිනි වදුල සඟවා
මෝදුවී නිශා නුබ ගැබ
අඳුර මකාවා...
නීල විල් දියේ උපදින
කොද මලක සුමුදු රල පෙති
කොපුල් තලාවා...

සුවඳ මල්...//

අරුණ දොරකඩින් නැග‍ එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා...
නොඹා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...

සුවඳ මල්...//

ගායනය-ඉමාන් පෙරේරා
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


වසන්තයේ මල් සුපිපුන


වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හද මඬලට කවුදෝ ආවා..

මල්පෙති සිඹ සිනා රැගෙන
මල සිඳබිඳ යන්ට ගියා
හද දුක ගාවා
කවුදෝ ආවා……

හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේ
කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසා
මගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ…..

හිරු මැලවුනු සැන්දැවේ අඳුරට ගුලිවී
මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු කඳුලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ……

ගායනය -ඉමාන් පෙරේරා
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...