සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිළෙන්නා

 
සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිළෙන්නා...//
නිල් අහස් පුරා රංචු ගැසී පක්ෂීන් පියඹන්නා..//
සෝබාව නැගේවී....අරුණෝදේ සුන්දරා...
සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිළෙන්නා...//
සෝබාව නැගේවී....අරුණෝදේ සුන්දරා

ප්‍රීතී පුරා හෘදේ මෝරලා හා... හා... හා.....හා... හා... හා...
දේවී සදා සුරම්‍යය සම්පතා..

දැන් කාලේ ලෝකේ ඇතී...
කෙල්ලන්ගේ චාරේ ඇතී...
සංසාරේ මේවාගේ නෑ සැපා...//

සැන්ගී සැන්ගී ඈත සූරයා දිළෙන්නා...//
නිල් අහස් පුරා රංචු ගැසී පක්ෂීන් පියඹන්නා..//
සෝබාව නැගේවී....අරුණෝදේ සුන්දරා...

ගීතේ සේ පක්ෂීන්ගේ සෝබනා.... හා...හා..හා...හා...හා..හා...//
මිහිරක් මේ ජීවේ සැපා දෙනා...

මේ ලෝකේ සෑම කලේ යාවී නෙත ගාව ගිලී
කාලේ අපේ ලංවේ වාසනා...//

සැන්ගී සැන්ගී ඈත සූරයා දිළෙන්නා...//
නිල් අහස් පුරා රංචු ගැසී පක්ෂීන් පියඹන්නා..//
සෝබාව නැගේවී....අරුණෝදේ සුන්දරා...


ගායනය-ජී.එස්.බී රානි පෙරේරා
 http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


අප්පච්චී....

 http://www.almightydad.com/wp-content/uploads/2009/08/father-son1.jpg

සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චී....

ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුණු කෙත්වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම හිදිනා
අප්පච්චී...

මෙහෙවරට ආවැයි සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සගවා
අකම්පිත වත පා
අප්පච්චී....

ගායනය - කසුන් කල්හාර
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


එක යායේ

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgL2Fr0nY8jLgv0AbQo9UQv7OcojKXIU2fXZwyY-t3zousCUr0G6Uj_GqVotogV2Snj1ZBhdUmOlYaK8hZDp342KpmqUuGV7f0diEwldBZGUigeH9P2QCms9810_IE4M6AmZp7WIvzdqnLE/s640/Funny_wedding_cake_top.jpg

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

එක යායේ...

වලට වැටුණු එකා යකා
වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී

එක යායේ... 

ගායනය- සුනිල් එදිරිසිංහ/බන්ධුල විජේවීර/එඩ්වඩ් ජයකොඩි
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif





අපි එකම රෑනෙ කුරුල්ලෝ

http://mrbarlow.files.wordpress.com/2009/08/bird_v-flying.jpg

අපි එකම රෑනෙ කුරුල්ලෝ//
මේ පාරාදීසේ...
නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා...මේ රෑනේ..

මදු තියලා දැල් එළලා
නෑ පැටලෙන්නෙ අපී
අපේම ලොවකට පියඹා යන්නේ..
වරෙල්ලා...මේ රෑනේ...
 
තටු ලැබුනේ පියඹා යන්නයි
කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
අපේම ලොවකට පියඹා යන්නේ..
වරෙල්ලා...මේ රෑනේ...

ගායනය - විජේසුන්දර වේරගොඩ

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...