දෙකොපුල් කදුලින් තෙමා

 
දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලළත තබා
නික්‌මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යමේ
සුහදිනියේ....
මින්පෙරදි අපි මේ වගෙ වෙන් වි යන්නට ඇති
මේ කදුලු ගංගා ඉමේ කොතනක හෝ
මගෙ ජීවිතේ ඉකිබිදී ඔබේ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආව වගෙ වෙන්වී යයි

ඔබ පපුතුරේ මා හිදී මගෙ පපුතුරේ ඔබ හිදී
ලන්වෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ
දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලළත තබා
නික්‌මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යමේ

සුදු සිනිදු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවද දැනෙනා ඉමේ දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබේ සිහින වල මා හිදී මගේ සිහින වල ඔබ හිදී
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ
දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලළත තබා
නික්‌මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යමේ
සුහදිනියේ.......
ගායනය-
ලහිරු පෙරේරා
අභිෂේකා විමලසේන
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


කාත් කවුරුවත් නැති බව දැන දැන

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirGS7wfgE9lbA2IJ-yOT0AChz3GzPaI6x7xMT9tRcegoaGlnb_m8xgSpGcbAPBMoumqjm0kpxYQj33p0Q3YxJp0zcg4bbaPjSgDdDSRxIcLQ44Nx3HQkXR42f7YaigUKO9lFLWUXJ66ZBC/

කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
මටත් ඉරක් නැගෙනා...

සාංකාව ඇහරෙන ගන අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ...

වේදනව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තේ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ..

ගායනය-අමරසිරි පීරිස්
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...