මේ ගුරු පාරේ




මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත...//
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත...

මේ ගුරු පා‍රේ...//

ඉර හද ඇසුවා ඇලදොල දුටුවා..
අතිනත් ගෙන අප දෙඩූ කතාබහ..//
එනමුදු එදවස් සඟවනු හැකිවේ
ඉරට හදට ඇල දොලට කතා බැහැ..

මේ ගුරු පා‍රේ...//


ගායනය-පණ්ඩිත් අමරදේව

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


මළ ඉර බසිනා සැන්දෑ යාමේ

http://i.acdn.us/image/A6934/693427/300_693427.jpg
 
මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරට ඉඩදී...අඳුරේ සැඟවී...
ඔබගෙන් වෙන්වී මම යන්නම්

නිදි නැති යානේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ
සුළඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැළි දෑතින් ඔබ හිස අතගා
ඔබ නිදි කරවා මම යන්නම්

අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුළක් රඳවා
සුසුමක් වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්

ගායනය-පණ්ඩිත් අමරදේව
 
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග

  
එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස
ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලග

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයායන
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


තුන් සිත එක්තැන් වෙලා

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieOCiFmRNIKgE6VRT5I7eXColDyOskm_FZOqIrottgoIDx7_VpmmRE8e8hu9lyvdX-YhsYGy5ZQSz54GtgsFT_KtdURS4F7Dm5H-miLdgu7n8Xqj6-I2MG2TcxEL9yJnNncNwi7El9idA/s400/a+walk+to+remember.jpg

තුන් සිත එක්තැන් වෙලා
ඔබ ගැන දොඩමළු වෙලා
මා දෙනයන තුල මෙදා
ඔබේ රුව සිතුවම් වෙලා
යොදුන් ගණන් දුර ගෙවා
මා ඔබ ළඟ නැවතිලා

අනවතත්ත මල් විලේ
සුවඳින් හිමවත පිරේ
ඔබේ සිනහ මල පිපී
මා හද සුවදින් පිරී
සිහින් සිනහ පොද වැටී
කෙදින කොහිද මහ වැහී

තුන් සිත...

තුඩින් තුඩට රස කතා
පැවසෙයි අප ගැන සිතා
මානකොකුන් ‍රැල ගියා
මගුල් තුලා කිය කියා
ඔබ ආවොත් මගේ පැලේ
අමාවකෙත් සඳ දිලේ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...