ඔබ නාවොත් හෙට

 

ඔබ නාවොත් හෙට..උදෑසන අරන්,
මට රැය විතරයි අයිති නොරිකුසන්
රැය හරිම දිගයි.. දෙවින් දුරාසන්
මට එන්න හිතයි.. ඔබ සොයා ඉතින්...

මගේ කදුඵ බිදු පෙමට පෙරළමින්
ඔබ උන්නු දවස් මතකයිද කියන්..
එ' අතීතයම හදවතේ ඉදන්
මට රිදචූ හැටි ඇවිත් කියන්නම්..

සිහිනයක් නැතී අන්ධකාරයෙන්
නෙතු පියා ගන්න අවසරයි ඉතින්..
හෙට උදේ ඇවිත් හැම කදුළම මං
යළි ආදරයට පෙරළා දෙන්නම්...

ගායනය-කසුන් කල්හාර සමග සහේලි රෝචනා ගමගේ

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


මේ ඉර හද යට හමුවී

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaC94u9_rjunxhB5u2rDxPvb3qMKt71JJC-S7EYG_zGot_eq1UUcUjum25igr3Ct4tBO26DX56WZfpsY25ZJM-J4ZbHmZlf6ll51-87vhG_WXiP4IvfzsXNppB8tSFr3pPR_zfgPZZm_M/s320/lovers+break+up.jpg

මේ ඉර හද යට හමුවී ආදරයෙන්..
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟපාතකවත් නෑ...
මේ ඉර හද යට හමුවී...

අද නුඹ කොතැනද-අද මා කොතැනද..
දන්නේ නෑ නුඹ මටත් හොරා...
ජීවන මහ මග සටන් වැදී ඇත
නාදුනනා පෙම්වතුන් වෙලා...

මේ ඉර හද යට හමුවී...

දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා..
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
නෙතටත් කඳුලක් ඉතිරිවෙලා..

මේ ඉර හද යට හමුවී...

ගායනය-එඩ්වඩ් ජයකොඩි
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


රෑ අහසේ තරු දිළෙන තරම්


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5glWqwdpbdtKSMrKCkj9eAQLqvp5k3zDMsXbUZU6YYc5WJsEdhes18aJCHM7MXthoUvfUfzvEl-7CeuHpRBkAG7Imm7NhRvvt7ccvJfAVwboAIWbI38JZ7_JMGMuOQN853QAkNKK8BmI/s1600/star+gazing++photoshoip+class+(set)+stargazers.jpg

රෑ අහසේ තරු දිළෙන තරම්...
මා මනසේ ඔබ ‍රැ‍ඳෙනවනම්...
විශ්වයේ නම් නොවේ තවත්-මෙවන්  සැනසුමක්..
හදට උණුසුමක්...

නුවන් තෙමී විසිරෙනා..
නුඹේ කඳුළු පා කරන්න...
වැහි වළාවකින්..
වැහි වැටෙන්න ලං වෙනකොට
ආකාසෙට දෙනෙත් යොමා බලා සිටින්නම්..
වැටෙන වැටෙන වැහි බිඳු ගෙන මා සඟවන්නම්..

රෑ අහසේ තරු දිළෙන තරම්...

මල් උයනක සැරිසරන්න
සමනළයිනි ඉගිළැන්න නුඹලට හැකිනම්..
පන්හිඳ ළඟ තනිවෙනකොට..
මා ලියනා කවි ගී වැල් -ඈතට ගෙනහින්..
ඇයට ඇහිඳ ගන්න දුරක වීසිකරාපන්..


රෑ අහසේ තරු දිළෙන තරම්...

ගායනය-ගයන්ත පෙරේරා

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


දරු දුක උහුලා තනිව වැලපෙනා

  http://zitizonx5.files.wordpress.com/2008/11/untitled-7-jpeg-1024-768-72.jpg

දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා.....පූජා වේවා...........

මහමෙර වැනි බර සිතින් උහුලනා
කඳුලැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා.........

මව් ඇති දාටත් සෙනෙහස පුදනා
මව් නැති දාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා...... පූජා වේවා!!!!!!!

ගායනය-පණ්ඩිත් අමරදේව
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif



Related Posts Plugin for WordPress, Blogger...