අපාර වූ ආකාසේ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNMJ1YnRiPjAcqvfzeLeo8uGo6hLu7lMkv0FLw2i8gXWzdFMuSFA-otrt8e_cHIFNT9dbTk4dS51r3R2Bap19gjkpDVrKcnrdFwYcTzJR1q5YY3aDEKl2fMQjQxBN06sTik2COiaecE7al/s1600/Lonely_Night_by_DehCavalieri.jpg

අපාර වූ ආකාසේ
වලා සිඳුන බොල් එලියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී..

ඇසට කඳුලු දිය නැඟුනේ
හදට තෙතක් ලබා දෙන්න
ඇසෙහි කඳුලු ඉවර දිනේ
හදට නොමැත ඒ තෙතමන…

අපාර වූ ආකාසේ
පිරී පැතිරි නිල් දියඹේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී..

ඇසේ කඳුලු සිදී ගොසින්
ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන්
කඳුලු පොදක් මට හෙලන්න..

ඉර හඳ නැති රෑ යාමේ
හද කැටි වුන කාන්සියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී….

ගායනය-පණ්ඩිත් අමරදේව
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


සියවෙනි සැතපුම් කණුව පසු කළ වගයි!!


සුභාවිත සංගීතය සොයා පියවරෙන් පියවර ගමන් ආරම්භ කළ සංගීත
චාරිකාවේ, සියවෙනි සැතපුම් කණුව පසු කළ වගයි.ඒ සඳහා මා හා 
අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ 
කරමි.


සුන්දරයි සුන්දරයි කොදෙව්වම සුන්දරයි


සුන්දරයි සුන්දරයි
කොදෙව්වම සුන්දරයි
කොදෙව්වේ මග තොටේ
අප දෙදෙන විතරමයි
නිල් විලෝ තුරු යටින්
සුදු රිදී මල් මතින්
අපි ඇවිදිමු..........

නගරයේ මද්දහන්
ගින්දරත් ශීතලයි
පත පොතේ පිටු පුරා
සකුණ සංගීතයයි
ලහිරු එලි තුරු වෙලී
අසනි වැහි මල් වැහී
මා ඔබේ... මා ඔබේ
ඔබයි මගේ ජීවිතේ

මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ....

මල්සරා සර සරා
හදින් හද හී විදී
හදවතේ වෙණ තතේ
සත්සරක ස්වර මදී
දොරින් දොර සැණකෙලී
තුරින් තුර සැරසිලී
මා ඔබේ... මා ඔබේ
ඔබයි මගේ ජීවිතේ

මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ.......

ගායනය-ඉමාන් පෙරේරා සමග උරේෂා රවිහාරී
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


මන්දාරම් අඳුර මැදින්

 http://us.123rf.com/400wm/400/400/pressmaster/pressmaster1010/pressmaster101000159/7965249-rear-view-of-a-couple-walking-in-the-rain-under-umbrella-and-hugging.jpg

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්...//

තනියමව​ත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා...///

මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුනා...///

ගායනය-ක්‍රිෂාන්ත එරන්දක
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...