දහ අතේ දුවන මල් සුවඳට

 http://us.123rf.com/400wm/400/400/arttom17/arttom170907/arttom17090700013/5175751-three-butterflies-on-a-flower.jpg

දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ..
ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නදෝ..
ගඟ ගලා බහිනදා දෝතින් රඳා ගන්නදෝ..
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..

නුඹ මට ගඟක් වුනා..
නුඹේ සිත පින් තොටක් ලෙසින් රකින්නට වුනා
මගේ නෙතු වහන් වුනා..
දිය පවස තියෙන හැමටම නුඹ පැන් තොටක් වුනා

දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ..
ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නදෝ..
ගඟ ගලා බහිනදා දෝතින් රඳා ගන්නදෝ..
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..

නුඹ මට මලක් වුනා..
නුඹේ සිත රන් මලක්  ලෙසින් රකින්නට වුනා..
මල් සුවඳට පෙමිනා..
ආ බඹර උකුලු මුකුලින් නුඹේ හිත වෙනස් වුනා

දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ..
ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නදෝ..
ගඟ ගලා බහිනදා දෝතින් රඳා ගන්නදෝ..
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..
කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..

ගායනය-රොහාන් ශාන්ත බුලේගොඩ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


මෙතෙක් ආ මඟ

 http://stalinsmoustache.files.wordpress.com/2010/05/samson-21.gif

මෙතෙක් ආ මඟ...වැරදි බැව් දැන් පසක් වී ඇති නිසා මා හට..
හැරී ආපසු මගේ දේශය..මගේ මිනිසුන් වැලඳ ගන්නෙමි..
ඉංගිරිසි කදවුරෙන් ගෙන ආ සියළු අවි ආපසු යවන්නෙමි...
කියව් මහ ඒජන්තයාටම මගේ වැසියන් සමඟ එන බව...
මගේ වැසියන් සමඟ එන බව...

මහ දිසාවේ ලෙසින් වූයේ රාජ සේවය පිණිස සිටියෙමි..
අදින් පසු මව් බිමේ නිදහස පතා ජීවිතයම පුදන්නෙමි..
රුදුරු කදිරට දෙපා මුල වැඳ වැටෙන නිවටෙකු නොවී කිසිදා..
රටට වින කළ සතුරු කැළ පි‍ටුවහල් කෙරුමට යුධ වදින්නෙමි..

පුරුතුගීසී ලන්දේසී ඉංගිරිසි වෙසින් එන අන්තරා වලකා..
මුතුන් මිත්තන් එදා ‍රැක දුන් යසස් අභිමන් නොහැර ලංකා..
යලි රකින්නේමි මව් කිරට ණය නොවී නොදී සංකා..
පුරමු ජය පැන් දිනා සටනින් උතුම් දළදා නමින් ලංකා
උතුම් දළදා නමින් ලංකා...

ගායනය-සුනිල් එදිරිසිංහ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


කල්පනා ලොව මල් වනේ

http://shivanimathur.com/images/paintings/Dream_girl_01_L.jpg

කල්පනා ලොව මල් වනේ...
සිහින රජ දහනේ...
ආදරේ...ආදරේ...

නීල අහසේ තාරකා සේ...
ඈ නුවන් දල්වා බලන්නී...
ප්‍රේමයේ මායා දැළින් මා...
සිත් නුවන් බඳවා තබන්නී...

කල්පනා ලොව මල් වනේ...
සිහින රජ දහනේ...
ආදරේ...ආදරේ...

මා වටා සහසක් නුවන් පා...
ඈ රුවින් පිළිරූ මැවීලා...
පාව යයි මුළු ජීවිතේ සුදු...
මීදුමින් දැවටී එතීලා...

කල්පනා ලොව මල් වනේ...
සිහින රජ දහනේ...
ආදරේ...ආදරේ...


ගායනය-අබේවර්ධන බාලසූරිය       
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif




එක වරක් ඔබට මා එපා නම්

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQiHxGCzwpCNLV7sz3NDgAr10V5VlQ2ybo2scP0nQbG5dLW21EIai5LtZtpOCZ_J3ZAMbFe-PXloXj7bhCwgIkJTcUW9rEC_KUVjEIiCwUPUK61x9K3lUZKO9sWGQgFzSDUWfc79srrBVX/s400/Walking_Away_From_Everything_by_vampire_zombie.jpg

එක වරක්...ඔබට මා...එපා නම්...
සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...

මම මගේ.. පාඩුවේ..හඬ හඬා.. සිටින්නම්...
ඔබ ඔබේ.. ලෝකයේ.. මිණි කිරුල පළඳින්න...//

එක වරක්...ඔබට මා...එපා නම්...
සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...

ඔබේ හද පහුරුගා..වේදනා නොදෙන්නම්..
ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩ දෙන්න..//

එක වරක්...ඔබට මා...එපා නම්...
සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...//

ගායනය-විජය කුමාරතුංග
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...