දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා.....පූජා වේවා...........
මහමෙර වැනි බර සිතින් උහුලනා
කඳුලැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා.........
මව් ඇති දාටත් සෙනෙහස පුදනා
මව් නැති දාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා...... පූජා වේවා!!!!!!!
ගායනය-පණ්ඩිත් අමරදේව
