සුන්දරයි සුන්දරයි කොදෙව්වම සුන්දරයි


සුන්දරයි සුන්දරයි
කොදෙව්වම සුන්දරයි
කොදෙව්වේ මග තොටේ
අප දෙදෙන විතරමයි
නිල් විලෝ තුරු යටින්
සුදු රිදී මල් මතින්
අපි ඇවිදිමු..........

නගරයේ මද්දහන්
ගින්දරත් ශීතලයි
පත පොතේ පිටු පුරා
සකුණ සංගීතයයි
ලහිරු එලි තුරු වෙලී
අසනි වැහි මල් වැහී
මා ඔබේ... මා ඔබේ
ඔබයි මගේ ජීවිතේ

මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ....

මල්සරා සර සරා
හදින් හද හී විදී
හදවතේ වෙණ තතේ
සත්සරක ස්වර මදී
දොරින් දොර සැණකෙලී
තුරින් තුර සැරසිලී
මා ඔබේ... මා ඔබේ
ඔබයි මගේ ජීවිතේ

මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ.......

ගායනය-ඉමාන් පෙරේරා සමග උරේෂා රවිහාරී
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...