මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ

 Group of Buddhist pilgrims climbing Adam's Peak.

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම්
ශ්‍රී ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්
තුන් සරණේ පිහිට සිතාලා
සන්තොසිනේ ඉන්පිටත් වෙලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ගෙත්තම් කර සිරිත ලෙස ගෙත්තම් පානේ
සීතගගුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
ගෙත්තම් කර සිරිත ලෙස ගෙත්තම් පානේ
මලුව පෙනේ යමු නැවතී හැරමිටි පානේ

සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි //
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා //
අහස්ගව්ව පසුකරමින් සාදු කියලා //
මහා මලුවට විත් ගිරිදඹ නැගලා
සිරී පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුනාලා

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ගායනය-නන්දා මාලිනී
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

1 comments:

  1. මුනි නන්දන සිරිපාද වඳිම් ගායිකාව ග්‍රේටා ජැනට් ද සිල්වාය.
    නන්දා මාලනී ගයන්නේ ඩුප්ලිකේට් එකය.
    වැඩි විස්තර සදහා 2019 මැයි 31 දිවයින පත්තරේ බලන්න. මුනි නන්දන සිරි පාද වදිම් සමනල කන්දේ’’, ‘‘දුල් සල්වනේ ළකල්’’ යන ගීත යුග්මය අද සමාජයේ වුවද නොදන්නා කෙනෙකු නොමැති තරම් ය. නමුත් මේ ගීත දෙකේ යටගියාව සලකා බැලූ විට මෙම ගීත දෙකම ග‍්‍රැමොෆෝන් තැටියට නඟන්නේ 1939 තරම් ඈත වකවානුවක ය. මෙම අතිශය ජනප‍්‍රිය ගීත දෙකම ගායනා කළ මුල් ගායිකාව තවමත් අප අතර සිටිනවා යැයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය. ඇය අනූසත් (97* වියැති ගේ‍්‍රටා ජැනට් ද සිල්වාය. මේ ගීත කෝකිලාවිය පිළිබඳ තබන කෙටි සටහනක් මතු දැක්වේ.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...