අපාර වූ ආකාසේ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNMJ1YnRiPjAcqvfzeLeo8uGo6hLu7lMkv0FLw2i8gXWzdFMuSFA-otrt8e_cHIFNT9dbTk4dS51r3R2Bap19gjkpDVrKcnrdFwYcTzJR1q5YY3aDEKl2fMQjQxBN06sTik2COiaecE7al/s1600/Lonely_Night_by_DehCavalieri.jpg

අපාර වූ ආකාසේ
වලා සිඳුන බොල් එලියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී..

ඇසට කඳුලු දිය නැඟුනේ
හදට තෙතක් ලබා දෙන්න
ඇසෙහි කඳුලු ඉවර දිනේ
හදට නොමැත ඒ තෙතමන…

අපාර වූ ආකාසේ
පිරී පැතිරි නිල් දියඹේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී..

ඇසේ කඳුලු සිදී ගොසින්
ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන්
කඳුලු පොදක් මට හෙලන්න..

ඉර හඳ නැති රෑ යාමේ
හද කැටි වුන කාන්සියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී….

ගායනය-පණ්ඩිත් අමරදේව
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


සියවෙනි සැතපුම් කණුව පසු කළ වගයි!!


සුභාවිත සංගීතය සොයා පියවරෙන් පියවර ගමන් ආරම්භ කළ සංගීත
චාරිකාවේ, සියවෙනි සැතපුම් කණුව පසු කළ වගයි.ඒ සඳහා මා හා 
අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ 
කරමි.


සුන්දරයි සුන්දරයි කොදෙව්වම සුන්දරයි


සුන්දරයි සුන්දරයි
කොදෙව්වම සුන්දරයි
කොදෙව්වේ මග තොටේ
අප දෙදෙන විතරමයි
නිල් විලෝ තුරු යටින්
සුදු රිදී මල් මතින්
අපි ඇවිදිමු..........

නගරයේ මද්දහන්
ගින්දරත් ශීතලයි
පත පොතේ පිටු පුරා
සකුණ සංගීතයයි
ලහිරු එලි තුරු වෙලී
අසනි වැහි මල් වැහී
මා ඔබේ... මා ඔබේ
ඔබයි මගේ ජීවිතේ

මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ....

මල්සරා සර සරා
හදින් හද හී විදී
හදවතේ වෙණ තතේ
සත්සරක ස්වර මදී
දොරින් දොර සැණකෙලී
තුරින් තුර සැරසිලී
මා ඔබේ... මා ඔබේ
ඔබයි මගේ ජීවිතේ

මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ.......

ගායනය-ඉමාන් පෙරේරා සමග උරේෂා රවිහාරී
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


මන්දාරම් අඳුර මැදින්

 http://us.123rf.com/400wm/400/400/pressmaster/pressmaster1010/pressmaster101000159/7965249-rear-view-of-a-couple-walking-in-the-rain-under-umbrella-and-hugging.jpg

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්...//

තනියමව​ත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා...///

මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුනා...///

ගායනය-ක්‍රිෂාන්ත එරන්දක
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


සුවඳ මල් රේණු පිස එන

 http://www.wallpaperhere.com/thumbnails/detail/20110622/fantasy-161.jpg

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා...

සීත පිනි වදුල සඟවා
මෝදුවී නිශා නුබ ගැබ
අඳුර මකාවා...
නීල විල් දියේ උපදින
කොද මලක සුමුදු රල පෙති
කොපුල් තලාවා...

සුවඳ මල්...//

අරුණ දොරකඩින් නැග‍ එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා...
නොඹා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...

සුවඳ මල්...//

ගායනය-ඉමාන් පෙරේරා
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


සුසුම් පොදක් වී

http://www.wetcanvas.com/Community/images/01-Sep-2011/286091-DSC03038_wetCanvas.JPG

සුසුම් පොදක් වී
සුසුම් පොදක් වී...
හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
ගෙන ගියේ මට නොකියා

මගේ ස‍රා සද හදේ සුවද ගෙන
නුඹ කොයිදැයි සිතුනා....
හො හෝ හෝ හෝ.........
හො හෝ හෝ හෝ.........

මේ කුළු සේ විත් නිල් අහසේ බැදි
ගිම්කල නිමවා හදට රහසේ බැදී
මන කුමුදු වී පිපුනු - සුවද කුසුම නුඹ ‍සොදුරු
මටත් හොරා නුඹ තියා ගිහින් - නෙත් කදුළු...

සුසුම් පොදක් වී...

දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක‍ හද තුල සැඳවී
මුතු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්..
නුඹේ අකීකරු සිතින් නොවේ - මට අස්වැසුම්...

සුසුම් පොදක් වී...

ගායනය-කසුන් කල්හාර
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


රැඩිකල් ප්‍රේමය

 http://ih0.redbubble.net/work.4449598.2.flat,550x550,075,f.storyteller-accused-of-abstract-dream-weaving.jpg

ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
රැඩිකල් ප්‍රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්

සයිඳවයින් පිට නැගී
සිත මැවූ සශ්‍රීක හීන ඇගේ
විඳගන්න ඉඩ නොදී......

ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
රැඩිකල් ප්‍රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්

පාට වත්සුනු දියෙහී තැවරූ
පාෂාණිභූත මතකය ඇගේ
විඳගන්න ඉඩ නොදී......

ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
රැඩිකල් ප්‍රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්

ගායනය-කසුන් කල්හාර
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


ඔබේ සිනා ලඟ

 http://www.rsvp-etc.com/Images/Girls/SmilingGirl.jpg

ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ලඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි ...//
මේ ලෝ තලයේ

කුමටද උපමා ඉතිහාසයේ ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරදීසයේ

ඉමක් කොනක් නැති ආකාසෙ තරු පායා එන සේ මා
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා

ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ලඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි ...//

ගායනය-ජගත් වික්‍රමසිංහ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


වසන්තයේ මල් සුපිපුන


වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හද මඬලට කවුදෝ ආවා..

මල්පෙති සිඹ සිනා රැගෙන
මල සිඳබිඳ යන්ට ගියා
හද දුක ගාවා
කවුදෝ ආවා……

හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේ
කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසා
මගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ…..

හිරු මැලවුනු සැන්දැවේ අඳුරට ගුලිවී
මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු කඳුලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ……

ගායනය -ඉමාන් පෙරේරා
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේ

 http://cdn8.wn.com/pd/51/39/217daf250ee8ed045beb13222365_grande.jpg

චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණ සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාභ රත්තරං දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ

මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ...

ගායනය-සුනිල් එදිරිසිංහ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


ආලෙන් වෙලා ගන්න කෝලම් කලා

 http://images.paraorkut.com/img/pics/images/s/sad_couple-13557.jpg

ගැ- ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
     හිත ආලෙන් මුදා ගන්න මායම් කලා

පි- මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
     ඔබ සායම් මකා ගන්න වැයම් කලා

පි- මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
     ඔබ කලා යෝජනා වලට චෝදනා

ගැ- මම මෑතින් ඉදන් වින්ද පෙම් වෙදනා
      ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා නාඩනා

පි- පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
     පාලුයි වගේ නැද්ද තාමත් හිතේ

ගැ- වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ
      අපේ ආදරේ භාවනාවක් වගේ

ගැ- ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
      හිත ආලෙන් මුදා ගන්න මායම් කලා

පි- මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
     ඔබ සායම් මකා ගන්න වැයම් කලා

ගායනය-අතුල අධිකාරි සමඟ සමිතා එරන්දතී මුදුන්කො‍ටුව
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ

 Group of Buddhist pilgrims climbing Adam's Peak.

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම්
ශ්‍රී ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්
තුන් සරණේ පිහිට සිතාලා
සන්තොසිනේ ඉන්පිටත් වෙලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ගෙත්තම් කර සිරිත ලෙස ගෙත්තම් පානේ
සීතගගුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
ගෙත්තම් කර සිරිත ලෙස ගෙත්තම් පානේ
මලුව පෙනේ යමු නැවතී හැරමිටි පානේ

සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි //
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා //
අහස්ගව්ව පසුකරමින් සාදු කියලා //
මහා මලුවට විත් ගිරිදඹ නැගලා
සිරී පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුනාලා

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ගායනය-නන්දා මාලිනී
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


ඉටි පහනක් දෝ මා

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaG8sTKEbxssMF5X0WWhxsFPmjr4Fxts0CIjSByiaJhFbGI3zxj4wuGMjB7BCnzh_sYlnxm-l1TnC7cdnOQee4AS9t7tIp7X89cRypD09f9YaKfdKILl6RbPHiT7uExzeT5XtdS8s8d5I/s1600/Candle.gif

සුළඟට සැලෙනා...
සුළඟට සැලෙනා...

පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා...

ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

මා වට මඳ එළියේ පළඟැටි සේනා සැණකෙළියේ...
මිහිර බි‍‍ඳේදෝ සිරුර සිඳේදෝ..
මා කෙළෙසී යාදෝ...

ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

මා වත රුවට ඇදී අනඟ රැඟුම් පා තරග වැදී...
හදවත කළඹා ගත සිත පොළඹා...
නිසසළ දැහැන බිදී...

ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

කළුවර පළස ඉරා මා වත දුබලව දැවෙන තුරා...
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නො...
පණ නල ගනිති සොරා

ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

(ඉටිපහන් ටෙලි නාට්‍යයෙන්)
ගායනය-නන්දා මාලනී
 http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


හිමිනැති පෙමකට

 http://i.sabah.com.tr/sbh/2009/12/14/Haber/691538356250.jpg

හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා..
අන්සතු හදකට පෙම්කල වරදට
ලොව මට එරෙහි වෙලා...//

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවේ...

හිමි නැති පෙමකට...//

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් ඉද හිනැ‍හෙනු මැනවී

හිමි නැති පෙමකට...//

ගායනය-මාලනී බුලත්සිංහල

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


සිතක් කෙලෙසද මේ තරම්

 http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/50019_100001546361052_9119_n.jpg

සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කදුළැලි සලන්නේ...//

‍ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද
කල්පයක් වී දැනේ නම්..//
ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
සිතා ගන්නේ කෙලෙසදෝ..

සිතක් කෙලෙසද...//

සුසුම් කදුළැල් සිහින පමණක්
උරුමයන් වී සදා කල්...//
සතුට මොහොතක මිරිඟුවක් වී
බිඳී යන්නේ ඇයි මෙසේ...

සිතක් කෙලෙසද...//

ගායනය-මාලනී බුලත්සිංහල
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


මේ තරම් විසල් අහසක්

 http://mitchieville.com/wp-content/uploads/2009/10/crying-woman.jpg

මේ තරම් විසල් අහසක් තරුවලින් වසන්නට බෑ...
ඒ වගෙයි මගේ හැගුමන් තරුවලින් ගණින්නට බෑ...
නෙතු පියවෙනා තුරා කොහොම කියන්නද මමත්...
ඒ නිසා ඒ වගේ අහසක් වෙන්නෙපා නුඹත්..

එකින් එක නෙලා කඳුළැලි රකින විට ලෙසින් සිළුමිණි...
පලක් වෙද කියා නො අසනු මැනවි යලි ඉතින්..
මගේ කඳුළු මට හිමි නැති තරම් පිනැති නම් ඉපිලෙමි
ජීවිතය දකින්නේ මම ඒ කඳුලින් නම්..
ඒ ආදරය නම්..

පහන් තෙර සොයා දළුලන
පහන් වැටි වෙලා ගෙන එන..
‍රැයේ සුවඳ මා හඬවන කරුන මට කියන්..
ඔබේ නෙත් දිහා නොබලමි..
මගේ නෙත් වසා පවසමි..
ආදරය විඳින්නේ මම
ඒ සුවඳින් නම්..
එය ජීවිතයම නම්..

මේ තරම් විසල් අහසක් තරුවලින් වසන්නට බෑ...

ගායනය-නන්දා මාලිනී-දයාන් විතාරණ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


රට කරවන්ට නම්

 http://1.bp.blogspot.com/-oSbJyaKIt6U/Tfh4M857-fI/AAAAAAAAAW8/NjvKG3QtA5k/s1600/k11.jpg

රට කරවන්ට නම් මසුරන්  ඇතුව කැටේ..
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..

දළදා මැදුර අදිකව මිල කල හැකිය..
සිරිමහ බෝධියේ  ලන්සුව පැහැදිලිය..
කළුගල් වලට විකුනාගෙන සීගිරිය..
සීගිරි කුරු‍ටු ගී බයිලා කළ හැකිය..

රට කරවන්ට නම් මසුරන්  ඇතුව කැටේ..

හෝටන තැන්න දී ක්‍රීඩා පිටියකට..
පවරා සිංහරාජය ලී මෝලකට..
දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට..
සමනල කන්ද බදු දෙමු හෝටලයකට..

රට කරවන්ට නම් මසුරන්  ඇතුව කැටේ..

ගායනය-නන්දා මාලිනී
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


සඳ පිණි දියේ

http://cdnimg.visualizeus.com/thumbs/b0/a4/couple,forest,love-b0a40a69c1eab2944ee96e8a1d4842ed_m.jpg

සඳ පිණි දියේ හිම කුමරියේ..
ජිවිත කැලේ පිපි මලි වැලේ..
මා හා බැඳි ගිනි කාෂ්ඨකේ..
කඳු හෙල් දිගේ සැඬ මාරුතේ..
ඔබ හමා යනවා.. අපි හමා යනවා..

නෙතින් ගලනා කඳුළු වැල් ගංඟාවෝ..
සවිය දෙනවා පරදන්න මායාවෝ..
මල් රොනින් මලින් පිරි දිනේන් දින ගෙවේ..
ආදරේ සදා සුසම් නොවේ..

මෙලෝ වසනා තුරා ළඟ මා ඉන්නම්..
කඳුළු පිසදා ඔබව සනහාලන්නම්..
ආදරේ හිනාවෙවි ආදරේ හඬයි..
ජිවිතේ කාහටත් ඔහොමයි..

ගායනය-රූකාන්ත ගුණතිලක
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි

 http://lh5.ggpht.com/-h8Xjz_4BkHo/ScEEYi4JwTI/AAAAAAAAAuo/oxPzJnwpQ0c/20_ll.JPG

අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි..
පාලු සිතේ විඩා නිවෙයි...
මේ සුවිසල් පුර තනිව ඉන්නට...
මට ඔය සිත සවිය ගෙනෙයි...//

තුරු හිස සිඹ සිඹ වැද මඳ නළ...
මුමුණන විට ගී සවනට..//
අපි ඇල් හේනේ පැල් මැස්සේ..
ගැයූ ගීත එයි සිහියට..
හිත වාවනු බැරි වී එන්නට..
හිතුනත් ආපසු ගම රට..
හෙට අදට වඩා හොඳ වේයැයි...
කොඳුරයි රහසින් යටි හිත..

අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි..

අග හිග මාලය ගෙළලාගෙන...
දුක විඳින්න බැරි හින්දම..//
මට වෙස්සන්තර රජු වාගේ..
දරු දන් දෙනු බැරි හින්දම..
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා..
උන් හැටි සිහියට අරගෙන..
හොඳ පරිස්සමින් මං එනතුරු...
ඉන්නවා නේද මගේ රං කඳ..

ගායනය-සේනානායක වේරළියැද්ද
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif



කන්දේ ලන්දේ

http://farm1.static.flickr.com/51/149118872_62267c7a76.jpg

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ
මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ

වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වූ වාසනාවේ... ගම්මානේ...

කන්දේ ලන්දේ...

ඇල් හේනේ රුක් සෙවනේ ගෙපලේ විහාරේ
පූජාවේ බෙර නාදේ ගැමිගීත රාවේ
මා පුංචි කාලේ ලෑබූ ආදරේ සුන්දරත්වේ
යයිදෝ නවෝදෙන් මැකීලා... ගම්මානේ...

කන්දේ ලන්දේ...

ගායනය - රෝහණ බැද්දගේ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


සියපතක් පිපුණා පොකුණු තෙර

 http://www.desicomments.com/dc1/09/139690/139690.jpg

සියපතක් පිපුණා පොකුණු තෙර
නිල් විලේ නිල් විලේ...
එක හිතින් පෙම් කලා නම් ඔබ
මට අගේ මට අගේ...//

නෙතින් නෙත හදුනා වරින් වර
හමුවෙලා අප හමුවෙලා
පැතුම් මල් විකසිත කරන්නට
වෙහෙසුනා අප වෙහෙසුනා..
මෙයද දෛවය මෙයද ඉරණම
වෙන්වුනා අප වෙන්වුනා..

සියපතක් පිපුණා...//

සසර මඟ හදුනා අතර මඟ
තනිවුනා අප තනිවුනා...
අත දුරක නොපිපී නෙලන්නට
බැරි වුනා මල් බැරි වුනා...
සුවඳ සුදු මල් නිබඳ පිදු පෙම
‍ගොළුවුනා පෙම ගොළුවුනා...

සියපතක් පිපුණා...//

ගායනය-ශශිකා නිසංසලා

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidiCH84Rfk3kdsBn1G62OqXDYfPBI-wrpEzS5waM0Wc8K1LpvVY6ApsKCaJXDx_i-ooNuDvcMrqPGZEFQ4AcwxUEn9GXhj2Kymxl3soAQfeHiear6hwFXfb-eLBM0XHhI9SpSBuN5gUYJk/s320/lonely+man.jpg

රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
රහසේම හිමින්
ආදර බිඳුවක් ඇබින්දක්
නුඹ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා

ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේ
රෑ සිහිනේ ඔබ එන්න එපා දේවී
ලං ලංව ඉන්න වේවී
සිත රිදුනා හොඳටෝම ඇති

රෑ සඳ ඇවිත් ගියා....

මම දන්නෙ නෑ පෙම කියාගන්න තාලේ
රෑ සයනේ ඔබ ඉන්න එපා ප්‍රේමී
ලං ලංව ඉන්න වේවී
සිත රිදුනා හොඳටෝම ඇතී

රෑ සඳ ඇවිත් ගියා...

ගායනය - දයාන් විතාරණ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


ජීවිතය ඔබෙන් දැන

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2nB0LnkNXBqjC7VOW3vP-N8j19AofTuHEUb-9zHBMkVqc45b8shxDn34hOIZJbcLN7hvM8qUmZUhNmyJso9q3aEI77zsik8mK0-8vhyphenhyphen5FFk93i_VgrBqsvxOPxbEhNYcH1FupNKhr4_g/s400/loving_couple_bettyconfidential.jpg

ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප
ලඟම තබාගෙන මුතු කැටය ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි සදාදර

කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මට මෙහි නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක

සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයට උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන

ගායනය - දයාන් විතාරණ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


මේ නිහඬ බව බි‍ඳෙන්න

 http://us.123rf.com/400wm/400/400/alyonushka/alyonushka0904/alyonushka090400022/4762013-happy-couple-holding-hands-at-sunset.jpg

මේ නිහඬ බව බි‍ඳෙන්න...
තව මොනව හරි කියන්න...
ඔය නෙත් අගින් සිනාසී-මා දිහා දැන් බලන්න..//

ඔබ මගේමයි කියන්න..මට අයිති නැත සිතන්න...
ඔබ පතා තැවෙන්න...මට සුසුම් නෑ හෙලන්න..

මේ නිහඬ බව බි‍ඳෙන්න...

දැන් ළඟයි හිරු නැගෙන්න..
තව වරක් මා සිඹින්න...
මට ආදරේ යැයි-එක වරක්වත් කියන්න..

මේ නිහඬ බව බි‍ඳෙන්න...

ගායනය-ක්‍රිෂාන්ත එරන්දක

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


ස්නේහයේ නගරයයි සිත මගේ

 http://honeymoonpackage.com/common/imagelib/index.htm/4263_420_280_crop_3bd51.jpg

ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ...

ස්නේහයේ නගරයයි සිත මගේ...

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං
පූජනීයයි උතුම් ආදරේ...

ස්නේහයේ නගරයයි සිත මගේ...

ගායනය-අමරසිරි පීරිස් සමඟ මැණික් ජයසේකර
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


අහන් ඉන්න.. අහගෙන ඉන්න...

 http://www.canvaz.com/m/Millais-John-Everett/The%20Blind%20Girl-s.jpg


අහන් ඉන්න..
අහගෙන ඉන්න..
මගේ හිත මොනවද..මුමුනනවා..//

යාය පුරා නෙක නෙක පාටින්..
මුදු මල් පෙති ඇහැරෙනවා..
පොද වැස්‌සට සිතල ඇවිදින්...හිතට එබෙනවා..
කෝඩුකාර මල් රේනු අගින් සුවඳ බෙදනවා..
ඒ සුවදින් මගේ හුස්‌ම..රටා අදිනවා..

අහන් ඉන්න..අහගෙන ඉන්න..
මගේ හිත මොනවද..මුමුනනවා..

සිලි සිලියේ හමන සුලඟ කොදුරන්නේ අපටමයි..
සතුට මිසක දුක මොකටද.. සෙනෙහස මහ මෙරයි..
අමාවකේ දුක දුරලන...දහසක් තරු කැට නුඹටයි..
ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගේමයි මටමයි..

අහන් ඉන්න..අහගෙන ඉන්න..
මගේ හිත මොනවද..මුමුනනවා..

ගායනය-මේඛලා ගමගේ(Slow version),ඉන්ද්‍රචාපා ලියනගේ(Rock version)

 ඉන්ද්‍රචාපා ලියනගේ(Rock version)
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

මේඛලා ගමගේ(Slow version)
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...