6
Sep

අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි

 http://lh5.ggpht.com/-h8Xjz_4BkHo/ScEEYi4JwTI/AAAAAAAAAuo/oxPzJnwpQ0c/20_ll.JPG

අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි..
පාලු සිතේ විඩා නිවෙයි...
මේ සුවිසල් පුර තනිව ඉන්නට...
මට ඔය සිත සවිය ගෙනෙයි...//

තුරු හිස සිඹ සිඹ වැද මඳ නළ...
මුමුණන විට ගී සවනට..//
අපි ඇල් හේනේ පැල් මැස්සේ..
ගැයූ ගීත එයි සිහියට..
හිත වාවනු බැරි වී එන්නට..
හිතුනත් ආපසු ගම රට..
හෙට අදට වඩා හොඳ වේයැයි...
කොඳුරයි රහසින් යටි හිත..

අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි..

අග හිග මාලය ගෙළලාගෙන...
දුක විඳින්න බැරි හින්දම..//
මට වෙස්සන්තර රජු වාගේ..
දරු දන් දෙනු බැරි හින්දම..
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා..
උන් හැටි සිහියට අරගෙන..
හොඳ පරිස්සමින් මං එනතුරු...
ඉන්නවා නේද මගේ රං කඳ..

ගායනය-සේනානායක වේරළියැද්ද
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


2 comments:

  1. එල මචෝ දිගටම දාපං කෝ
    සිරා වැඩක්
    මාරු සින්දු ටික

  1. බොහෝම ස්තූතියි මචෝ..

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...