රට කරවන්ට නම්

 http://1.bp.blogspot.com/-oSbJyaKIt6U/Tfh4M857-fI/AAAAAAAAAW8/NjvKG3QtA5k/s1600/k11.jpg

රට කරවන්ට නම් මසුරන්  ඇතුව කැටේ..
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..

දළදා මැදුර අදිකව මිල කල හැකිය..
සිරිමහ බෝධියේ  ලන්සුව පැහැදිලිය..
කළුගල් වලට විකුනාගෙන සීගිරිය..
සීගිරි කුරු‍ටු ගී බයිලා කළ හැකිය..

රට කරවන්ට නම් මසුරන්  ඇතුව කැටේ..

හෝටන තැන්න දී ක්‍රීඩා පිටියකට..
පවරා සිංහරාජය ලී මෝලකට..
දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට..
සමනල කන්ද බදු දෙමු හෝටලයකට..

රට කරවන්ට නම් මසුරන්  ඇතුව කැටේ..

ගායනය-නන්දා මාලිනී
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

3 comments:

  1. තෑන්ක්ස් ........

  1. පන්සල හංදිය- :)

  1. මේ සින්දුව කොයි කාලෙ ලියපු එකක්ද?

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...