සියපතක් පිපුණා පොකුණු තෙර

 http://www.desicomments.com/dc1/09/139690/139690.jpg

සියපතක් පිපුණා පොකුණු තෙර
නිල් විලේ නිල් විලේ...
එක හිතින් පෙම් කලා නම් ඔබ
මට අගේ මට අගේ...//

නෙතින් නෙත හදුනා වරින් වර
හමුවෙලා අප හමුවෙලා
පැතුම් මල් විකසිත කරන්නට
වෙහෙසුනා අප වෙහෙසුනා..
මෙයද දෛවය මෙයද ඉරණම
වෙන්වුනා අප වෙන්වුනා..

සියපතක් පිපුණා...//

සසර මඟ හදුනා අතර මඟ
තනිවුනා අප තනිවුනා...
අත දුරක නොපිපී නෙලන්නට
බැරි වුනා මල් බැරි වුනා...
සුවඳ සුදු මල් නිබඳ පිදු පෙම
‍ගොළුවුනා පෙම ගොළුවුනා...

සියපතක් පිපුණා...//

ගායනය-ශශිකා නිසංසලා

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

2 comments:

  1. ලස්සනයි.......

  1. බොහෝම ස්තූතියි..

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...