ඉටි පහනක් දෝ මා

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaG8sTKEbxssMF5X0WWhxsFPmjr4Fxts0CIjSByiaJhFbGI3zxj4wuGMjB7BCnzh_sYlnxm-l1TnC7cdnOQee4AS9t7tIp7X89cRypD09f9YaKfdKILl6RbPHiT7uExzeT5XtdS8s8d5I/s1600/Candle.gif

සුළඟට සැලෙනා...
සුළඟට සැලෙනා...

පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා...

ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

මා වට මඳ එළියේ පළඟැටි සේනා සැණකෙළියේ...
මිහිර බි‍‍ඳේදෝ සිරුර සිඳේදෝ..
මා කෙළෙසී යාදෝ...

ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

මා වත රුවට ඇදී අනඟ රැඟුම් පා තරග වැදී...
හදවත කළඹා ගත සිත පොළඹා...
නිසසළ දැහැන බිදී...

ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

කළුවර පළස ඉරා මා වත දුබලව දැවෙන තුරා...
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නො...
පණ නල ගනිති සොරා

ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

(ඉටිපහන් ටෙලි නාට්‍යයෙන්)
ගායනය-නන්දා මාලනී
 http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

7 comments:

  1. ආසම සිංදුවක් .........
    ඉටි පහන් නේද මේ සිංදුව තිබුන නාට්‍ය .......

  1. අපේ ජීවිතත් මේ වගේ තමා...

  1. මම මේ පොතත් කියෙව්වා. ටෙලි නාට්‍යයත් බැලුවා. හරිම රසවත්. ඒ කතාවෙන් කියවෙන යුගයක් ඇත්තටම තිබුණා. ගීතයත් ඒ වගේම රසවත්. අපේ ජීවිතත් ඉටිපහන් තමයි අපි හරියට තේරුම් නොගත්තට

  1. පන්සල හංදිය-ඔව් ඉටි පන් ටෙලි නාට්‍යයේ තේමා ගීතය තමයි මේක.

    DUSH-ඔව් මචෝ..සහතික ඇත්ත.

    MALMI-ගොඩක් ලස්සන කතාවක්.මගේ බ්ලොග් එක ෆලෝ කරනවට ගොඩාක් ස්තූතියි

  1. ඔන්න මම ඩවුන්ලෝඩ් කලා .......

  1. පන්සල හංදිය-බොහෝම ස්තූතියි මේ පැත්තේ එනවට...

  1. පට්ට මමත් ආසම සිංදුවක්...

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...