31
Aug

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-PR9YUZduHWYi9gOYlbxIqnGn9JxH-Pw1DqbflvvQx36brb1AxbX1Fe4iqTznZUCnvW_5r3kADgs_Em89A2801nDwvQ0jmuD4RlVj5x1XNvqHwiJVCYdreREHAy8WTH0yY3NyX47jMI4/s320/Poems02.jpg

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ

හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය නගින්නේ
මලට කලින් අපි තෑලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ..
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි
නැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය වඩන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//

ගායනය-සුනිල් එදිරිසිංහ

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

30
Aug

මල් පොකුරු පොකුරු

 http://www.hdwallpapers.in/walls/digital_fantasy_girl_art-wide.jpg

මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්...//

නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පාවට කොට රංචු ගැසීලා...
පින්න පිපීලා ඇ ලඟ රංචු ගැහීලා
ඇගෙ පුංචි ටිකිරි පාවට කොට රංචු ගැසීලා...

මල් පොකුරු පොකුරු...//

සිංදු කියන බමරු විලස ලංව නැමීලා
ඇය ඉන්න හිතයි ආදරයක් දෙන්න කියාලා...
ලංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
ඇය ඉන්න හිතයි ආදරයක් දෙන්න කියාලා...

මල් පොකුරු පොකුරු...//

ගායනය-වික්ටර් රත්නායක

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

30
Aug

සඳකැන් වැසිලා

 http://amieyalen.com/wp-content/uploads/2010/09/love_triangle_by_iann7.jpg

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී//

ජිවිතම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ

සඳකැන් වැසිලා...

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවසා

සඳකැන් වැසිලා...

ගායනය-වික්ටර් රත්නායක
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

30
Aug

කවුරුවත් නැහැ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhH-aAdRtnzqXmhRdpXA7qZio2b9GXnXF2Pj8Qea4wSGJKe-QKa7yjf21ghQadTrkUJckXWziV_lTGr0NGFmAzWtV-8r2xUw7POgFFFFy9VXb3jysMZG5FJ1isVe85A-jCoobWA9kcv0w/s1600/1221103722q6NV8r1.jpg

කවුරුවත් නැහැ.. කවුරුවත් නැහැ
එගොඩට යන්නට.. එ‍ගොඩට යන්නට...
ඉරගල වැටිලා..ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා.. පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
කවුරුවත් නැ කවුරුවත් නැ...

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
කිරන කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

කවුරුවත් නැ කවුරුවත් නැ....//

දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ

කවුරුවත් නැ කවුරුවත් නැ....//

ගායනය-අමරසිරි පීරිස්

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

30
Aug

සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_uCq7DnjGy2BJHE75ytyW7FOwRdfJplxF07qBla_Wz7a99Dx7umnXOy8rhfxklEzqeJxEDhWTkKhco8j5OzPxQkGntjUziS0TIYWLGhDgWuS-nsQOX5knr7Kl_6asJGCnhN8Rej_lefBQ/s1600/back,dress,horizon,water,alone,girl-f7237054f369aca58041b635c3bfa3d2_h.jpg

ආ මග වැරදී යන මං නොපෙනේ
තනිවී දෙවිඳුන් නැති දෙවොලේ..
කව්රු යදින්නද කව්රු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඬලේ

සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ
දං පදුරේ මංකඩ ලඟ ගොම්මන් අඳුරේ
දිය බුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

හඬා දොඩා කීවත් දුක කව්රුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ
මන්දාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මග හිරිකඩ හෙළුවේ

සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ...

ගායනය -අමරසිරි පීරිස් සමග ශශිකා නිසංසලා

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

30
Aug

ඔබ ආයෙමත් ඇවිදින්

 http://i.huffpost.com/gen/301890/thumbs/s-SLEEPLESS-MAN-large.jpg

ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්..

ඔබ ආයෙමත් ඇවිදින්....


ගායනය-අමරසිරි පීරිස්

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

30
Aug

ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්

 http://28.media.tumblr.com/tumblr_l9xjd3Ijgb1qdp3nbo1_500.jpg

ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
ලොව නවතීවා සැනෙකින්
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්

දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට
අනේ ලෙන්ගතුදැයි කෙතරම්
බිළිඳකු‍ සේ ළමැදේ ගුලිවූ විටෙක ලොබින්
සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයි සිතේ

ආදරයේ උණුසුම්..//

සීතල දෙතොලින් සිසිල‍සකින් මුමුණනවිට
අනේ හීනෙන් දැයි නෑ‍ගෙයි
හාදු මතින් නළලේ උණුසුම් තිළක තියා
පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි...

ආදරයේ උණුසුම්...//

ගායනය-අමරසිරි පීරිස් සමග නිරෝෂා විරාජිනී

 http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

30
Aug

සුසුම් පොදක් වී



සුසුම් පොදක් වී.. 
හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය 
ගෙන ගියේ මට නොකියා

මගේ ස‍රා සද හදේ සුවද ගෙන 
නුඹ කොයිදැයි සිතුනා..
හො හෝ හෝ හෝ..
හො හෝ හෝ හෝ..

මේ කුළු සේ විත් නිල් අහසේ බැදි
ගිම්කල නිමවා හදට රහසේ බැදී
මන කුමුදු වී පිපුනු - සුවද කුසුම නුඹ ‍සොදුරු
මටත් හොරා නුඹ තියා ගිහින්_ නෙත් කදුළු...

සුසුම් පොදක් වී...

දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක‍ හද තුල සැඳවී
මුතු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්..
නුඹේ අකීකරු සිතින් නොවේ _මට අස්වැසුම්..

ගායනය-කසුන් කල්හාර

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

26
Aug

අහස පොළොව වට පිටාව

අහස පොළොව වට පිටාව හරිම හිස් තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ
හඬා වැටෙන සඳ මඬළට
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනි කමක්
නැහැනෙ තනි කමක්

කණක මිණක තරුවක රුව
නොපෙනිනි ඔබ දකින තුරා
ලොවක සිරිය නුදුටිමි මම
ඔබෙ සෙනෙහස ලබන තුරා

විලක දොළක සුව නොලැබිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලේ සුවඳ ඇත මසිතේ
ඔබ මා හා සිටින තුරා

ගායනය-සුනිල් එදිරිසිංහ

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

26
Aug

සඳ සඳ වගේ


සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ

ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ

ගායනය-කසුන් කල්හාර

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

23
Aug

දමා යන්නට නොහැකි මිහිමත

http://farm2.static.flickr.com/1205/1400438113_8e3bdf22b5.jpg

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමනයි..
මිදීයන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමනයි..

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්..
හදෙහි තනි නොතනියට වැඩහුන්
ළබැඳි සිත් මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ..
ජීවිතය යනු සිහිනයක්මය
සසර මග දකිනා..

දමා යන්නට නොහැකි මිහිමත...

බැඳුනු සෙනෙහස
නොවන නිම්හිම්
ඇතද පන නළ සමග ‍රැකෙමින්..
අපේ අත්වැල් ලිහී ගිලිහෙන මොහොත ඒ
කවදාක හෝ..
යා යුතුය ඒ නියත නික්මන සියලු බැමි සිඳදා

ගායනය-සෝමතිලක ජයමහ

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

23
Aug

වලා තීරයෙන් එහා

 http://www.iau.org/static/archives/images/screen/iau0810a.jpg

වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්..
සොයා ඇදෙන් පැතුන් බිගුන් අපේම ලෝකයක්..
අපේම ලෝකයක්...//

තරංගයක් ලෙසින් ඇදී බිඳී නොයන් සිතින්
වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන්

වලා තීරයෙන් එහා.....

සිහින් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්

වලා තීරයෙන් එහා.....

ගායනය-ටී.එම්.ජයරත්න

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

23
Aug

පායා ආ සඳ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqgjKIbDSQ9uxqStAsoTaLpPB4qUIakNjDm-7dFXVXZTBMAA4YdHfr6sYhn3582aUtx6Lrap-3CkmyStJeI78Ob-dFS8O_tPlbT5SdIcdea1NowyGkcGLF9zONmTr3SpsiDs6SEXNtu9w/s1600/sad_man_rnd.jpg

පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා

හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි
හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්

දෑත දෙපය මගෙ සීතයි..//


ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවේ

කොහි සිට හෝ යළි එන්නම්//

ගායනය-මිල්ටන් මල්ලවාරච්චි

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

23
Aug

බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ

 http://farm4.static.flickr.com/3648/3658167553_7f73deb0ed.jpg

බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ
පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ
ඔබ බැස යන සඳ නම්
ඔබ පරවෙන මල නම්
‍රැක ගනිමිද කෙලෙසින්..//

නන්නාදුනන දෙසින
ගිමනට සිසිල ‍රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි..

ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්..//

බැස යන සඳ දෑසින්...

මන්දාකිණිය ගලන
නිසසල ‍රැයට මැවෙන තරුමල් අඹරේ හිනැහී
මැදියම් අදුරේ සැඟවෙයි...

ඔබ ඒ අහස වගේ නම්
හඳුනා ගන්නද කෙලෙසින්..//

බැස යන සඳ දෑසින්...

ගායනය-නාමල් උඩුගම

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

23
Aug

හීන අහුරු මුකුලු කරන

http://files.myopera.com/Amitavneel/albums/4274652/Love-Couple-In-The-Night-1.jpeg

හීන අහුරු මුකුලු කරන...
වැස්ස වෙලා හාදු පුදන...
අහස යදින දේදුන්නක...
තුරුලු වෙමුද පිණි කොට්ටෙක...

තරුත් එක්ක හොරෙන් ඇවිද..
කතා කරන ඇසිපිය යට..
ආදරයෙන් තියා ගන්න...
හිත දෙන්නද..අරන් යන්න..

ඉර ඇහැරෙන කඳු මුදුනක...
ආදරයේ අනන්තයට...
හිනා පුරන හෙට දවසට...
ගෙන ගිය හිත..අරන් එන්න.

 ගායනය- කිත්සිරි ජයසේකර සහ ඉන්දිකා උපමාලි

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

23
Aug

ආදර මල් වල පාට කියන්නද

 

ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිට බලා සිටිනවා
මීදුම තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනව
අඳුර මැදින් එන්න සදලියේ
දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැගිලා
මාලති යායක හැගිලා
සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා

ගායනය-කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ

 http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

23
Aug

දුක හාදු දෙන රැයේ



දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී
හද ගිලන් වෙලා //

ගහ කොළද මල් පිපේ
ඇළදොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිගු සයුරේ
ඒ රුවට රැවටුනේ

දුක හාදු දෙන...

නන්නාදුනන ලෙසේ
මඟතොට යළීත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා

දුක හාදු දෙන...

ගායනය-ගුණදාස කපුගේ

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

23
Aug

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද

 


කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්..//

මං මුලාවී ජීවිතේ අපි
ළංවෙලා ඉමු මේ ලෙසින්..
තවත් පෙම්වතියන්..පෙම්වතුන්..
එනතුරා මේ මාවතේ...
ගමන් මග විමසා අපෙන්...

මේ ලෙසින් සසරේ පුරා අපි
ළංවෙලා සිටියේ හදින්..
හෙටත් අද වාගේ..බලා හිදිමු...
සිත් සතන් නැති ලෝකයා..
පෙම් සුවේ දකිනාතුරා..

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්..//

ගායනය-බණ්ඩාර ආතාවුද සහ නිරංජලා සරෝජිනී

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

22
Aug

කඳුලු පිසදාලන සඟවාලන ‍රැයේ සෙනේ මල්



කඳුලු පිසදාලන සඟවාලන ‍රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්//

අවර නැකත නොවේ..
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතු‍ටු කඳුලු පිපේ...
මල් යායක සිත්යාකල නුඹ මගේ දේවී..

කඳුලු පිසදාලන සඟවාලන ‍රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්...

අරුණ ගලන පැයේ..
නෙත් මානෙන් ඉගිළීයන නුඹමය රාත්‍රී..
සිතට තනිය නොදී...
තුන් තිස්පැය මල් යහනට වැඩපන් දේවී...

කඳුලු පිසදාලන සඟවාලන ‍රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්...//

ගායනය-බණ්ඩාර අතාවුද

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


22
Aug

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට

 

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට......
නෙළා නොගත්තේ මගෙ බෝසත් කම‍ට..
හැරගිය දිනේ නාවත් මා ගම්දොරට.........
ආවේ ඇයිද විරහිනි සිත අද්දරට.....

විස්මිත ගමට අදහන්නට බෑ තවම........
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම.....
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින..........
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසට....

සිටිනා කොදෙවුවක නුඹ සැප විදීනම්.....
මවෙතින් ලැබුන ආදරයත් ලැබේනම්........
මතකය නුඹට හිරිහැරයක් නොවේනම්....

තව කුමකටද දුක් ගී කල්පනාවන්..............//


ගායනය - රොහාන් ශාන්ත බුලේගොඩ

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

22
Aug

මිනි මිනි පොද වැටේවි

 

මිනි මිනි පොද වැටේවි
මල් මිනි බැදි නිවේවි
ඔබ එනවා නම්...
දේදුනු පාළම උඩ හැන්දෑවේ
මම ඉන්නම්..//

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුහුනින්...
රන් තරු මාල බැඳන් රන්වන් අහසින්...
අද හොඳම දවස...අද හොඳම දවස...
ඔබ එනවානම්...

මිනි මිනි පොද වැටේවි..

ගායනය-එඩ්වඩ් ජයකොඩි

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

22
Aug

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා



ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතිතයේ ගිලිහි ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජිවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා

එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිදුනු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා

ගායනය-පණ්ඩිත් අමරදේව

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif


22
Aug

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ

 

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳිඋන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ //

නුඹ යන්නම යන්න යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින් //
යලි එන්නම එන්න හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන් //
හඳ එලිය පොළවටයි හිමි වූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

පෙම් කවක්....

ගායනය-කරුණාරත්න දිවුල්ගනේ

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

22
Aug

ඔබේ නමින් සෑය බඳිමි




ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...//
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...

උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටුනලලත අලක පඬුන් රඟන ලියේ
ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණදාම පාන හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ

ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ....
ස්වර්ණමාලියේ...

ඔබේ නමින්...//

ගායනය-පණ්ඩිත් අමරදේව

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

22
Aug

රෑ දුරු රට මේ

 

රෑ දුරු රට මේ
හිම වරුසා.. සීත පාලුවේ…
මූදු සතකින්, ඈත දේසේ
මා තනිවේ..

කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ….

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ….

රෑ දුරු රට මේ…



ගායනය-පණ්ඩිත් අමරදේව

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...