මගෙන් වෙන්වී යන්න පළමුව


මගෙන් වෙන්වී යන්න පළමුව
වරද මට පවරන්න සොඳුරිය
ලොවම වැට ලඟ හිඳී විමසිල්ලෙන්..
වරදකරු වෙමි මම
ඔබ යන්න සැනසිල්ලෙන්

ඔබෙ නිදොස් බව ‍රැදෙන සිතුවිලි
‍රැගෙන කඩු තුඩු සේ
මතකයෙන් සිඳලන්න විඳගත්
හඟුම් අප සමසේ

ඔබ නිදොස් කළ ලොවම ඔබ හා
උරන වන දවසේ
එන්න ප්‍රිය බඳ පුරුදු ඉදිකඩ
ළඟම ඇති පෙරසේ..

2 comments:

  1. මම මේ ගීතය අහලා නැති වුනාට පද පේලි නම් ලස්සනයි. වර්ඩ් වෙරිෆිකේෂන් නම් ටිකක් කරදරයි වගේ

  1. සුනිල් එදිරිසිංහ මහත්මයාගේ අලුත් ගීත එකතුවේ එන සිංදුවක්...බොහෝම ස්තූතියි වර්ඩ් වෙරි‍ෆිකේෂන් ගැන දැනුවත් කලාට..

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...