සඳ කිණිති නැමී විල් දියට එබී



සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබ නෙතට එබී.. මගේ නෙතද සදා..
සොයයි සේයාව මගේ..

සසල නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින්
සසල වෙලා දිය කැළඹුනු දා..
බිදෙයි සඳ කැබිළි පිටින්..

සසල නොවී ඔබ හිදින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරි සරන තුරා
බලමි ලොව ඹබේ නෙතින්..

සඳ කිණිති නැමී..

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...