නෙතු දැහැන් බිඳී

 http://th09.deviantart.net/fs40/300W/i/2011/194/2/3/couple_in_love_by_fajridet-d1t455j.jpg
නෙතු දැහැන් බිඳී..
හද විමන් වදී..
සුරඟනක් වගෙයි කුමරී..
සෙනෙහසින් වදී..
සිත ගිමන් නිවී..
පෙම් කවක් ලියයි මිහිරී...

ගණදුරෙන් මිදී..
තරු ‍රැහැන් අදී..
සිහිනයෙන් වඩී කුමරී..
මීදුමෙන් ඇදී..
සිසිලසින් එතී..
නෙතු අගින් බලයි සොඳුරී..

හසඟනන් පිරී..
පෙති පියුම් හැරී..
කළඹවයි විලේ වැතිරී..
සඳ කැලුම් රිදී..
තුරු අඟින් මිදී..
නෙක දසුන් මවයි කිඳුරී..
 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...