සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම



සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම...
නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව..
දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන...
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...

නෑබුල් පැතුම් අහසට නැග රහසේම...
දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව..
ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම...
දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව..

ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ..
සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව...
කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම..
මට අත වනාපන් නළියන නළ සේම..

2 comments:

  1. wachana ne kiyanna patta

  1. මෙහෙව් අත්දැකීමක් නැතු උනත් ඒ වචන අස්සේ ඒ හැඟීම දැනුනා හදටම. ස්තූතී මේ මහාර්ඝ නිර්මාණය කරන්න දායක උන හැමොටම.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...