මේ තරම් සියූමැලිද කළු ගල්



මේ තරම් සියූමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා..

කළා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරිමුණියේ නුඹ තැනූ 
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩයැයි කියා..

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...