හිරු විකසිත වී මිය යන පොළොවේ


හිරු විකසිත වී මිය යන පොළොවේ..
එළිය අඳුර සම සමව බෙදයි...
ගත පණ නළ වන් රුධිරය මව්ගේ...
කිරට හැරී කුසගිණි නිවලයි...

සුමුදු වදන් සවනත පාවේ...
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ...
ලෝකය බිහිකල මව්නි මගේ...
නුබේ නමට මුලු ලොවම වදී...

හදමඬලේ සෙනෙහස් කදුලින්...
සුදු බුදු ‍රැස් විහිදුනි අහසේ...
එවන් මහිමයක් ලොවට උදාකල් 
අමව්නි ඔබට මුලු ලොවම ගැතී...

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...