රෑ වැඩමුරය

 
රෑ වැඩමුරය අවසන් වන කනිසමට..
නුඹේ මුව පෙනෙයි පරවුන කුසුමක් ලෙසට...
අරුණැලි කැරලි වැටෙනා සඳ අලුයමට..
නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට...
 
තුන් තිස් පැයේ දෑගිලි නිදිමරන්නේ...
නිල් එලියටයි පෙති ගොමර දැවෙන්නේ..
මල් විය නොවෙද මේ දියකර හරින්නේ..
මැෂිමද හිතද මහ හයියෙන් අඬන්නේ..

නුඹේ කඳුලැලිද සයුරේ රළ නගන්නේ..
හද සුසුමන්ද පවනක් වී හමන්නේ..
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ..
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ...

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...