මැනලාද සතුට මට දෙන්නේ

 

මැනලාද සතුට මට දෙන්නේ
ඉඳහිට දැන් දැන්
මැනලාම නොවෙයි පෙම් කෙරුවේ
නුඹ හට මා නම්...

සඟවා ගන්න හිතක් නෑ
මා සතු ප්‍රේමයේ වත්කම්
ගැනලා දෙන්න දෙයක් නෑ
ප්‍රේමය තනි වුණු ඇත්නම්
මෑනලා දෙන්න බැරි තරම්
නුඹ හට පෙම් කෙරුවෙන් මං
එහෙව් මගෙ හිතට
ඇයි දැන් මේ නොපනත් කම්..

සුළඟව එන්න කියාලයි
හෙමිහිට දොර ඇරියේ මං
හද බිදි කුණා‍ටුවක් වී
අද දින ඔබ ආවේ නම්
මෙහෙමත් වුණේ මට ඉතිං
කරලද මොන වරදක් මං
ඉවසනු බැරිදේ නුඹ මට
කරන වෙනස් කම්..

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...