සයුරක් නොදු‍ටු ගඟුලක්


සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ..
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ..

කඳුලක් නොසැලු නෙතකින්
හස‍රැල් සොයන්න එපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා...

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...