ඔබ ආයෙත් එනවාමයි




ඉපල් රිකිළි සුළං...
බිදිනා උයන් තුරු සෙවනේ...
කඩා හැලෙනා කඳුලු වස්සානේ...
ඉති අගින් හමා එන..අවසාන රන් පත වත් පෙනී..

ඔබ ආයෙත් එනවා..එනවාමයි..
වසන්තය යලිත් එනවාමයි..
ගහ කොළ මල් දළුලනවාමයි..
ඔබ ආයෙත් එනවා..එනවාමයි..

ආයෙත් සිනාසෙන කාලයක්..
හීන දකිනා කාලයක්..
සුවඳ ඉබිනා කාලයක් එනවාමයි...
ඔබ ආයෙත් එනවා..එනවාමයි..

මේ මඟ බලන නෙත් දෙක නිවා...
විඳගන්න උදයේ හවා..
අවසාන සුසුමට කලින්...
වස්සාන කුසුමක් අරන්...

ඔබ ආයෙත් එනවා..එනවාමයි....


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...