ඔබ මා හමුවුන මේ ඉර හඳ යට



ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක හිටියත්
මා මළ දවසට
මගේ ළඟ තනියට ඉනුමැනවී

ඔබ සිත මා සිත හමුවූදා සිට
මා ළය පිදී පරවුන පෙම් මල
සිතින් තුරුලුකර මා මළ දවසට
මගේ ළඟ තනියට ඉනුමැනවී

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගේ ළඟ තනියට ඉනුමැනවී

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...