සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න

http://familytreecounseling.com/marksblog/wp-content/uploads/2011/07/sad_man.jpg

සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න..
වසන්තයට යළි එන්නට එපා කියන්න...
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ ඩෙන්න..
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
 
ගං ඉවුරට මුමුණන්නට එපා කියන්න...
තරු යායට ඉගිලෙන්නට එපා කියන්න...
මං කෙලෙසක ඒ විසිතුරු බලාන ඉම්ද...
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...

මඳ පවනට දැවටෙන්නට එපා කියන්න...
මල් සුවඳට ලංවෙන්නට එපා කියන්න..
මං කෙලෙසක ඒ සිහිලැල් දරාන ඉම්ද...
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න..

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...