මියුරු කල්පනා

 http://www.therustyknight.com/wp-content/uploads/2009/09/man-thinking-saidaonline.jpg

මියුරු කල්පනා - නෙතක දැල් වුනා
අමයුරු රස හසකැන් මැද - සිතත් හිනැහුනා
වරෙක නැලැවුනා - වරෙක ලතැවුනා
නුපුරුදු ගිණි දහසක් මැද - සිතක් මැලැවුනා....
මියුරු කල්පනා...

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි...//
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්...

මියුරු කල්පනා...

පිණි බිදකින් මුතු අමුණමි
ගිණිසුරුගෙන් සීතල වෙමි...//
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්...

මියුරු කල්පනා...//

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...