බුදු බණක් කියන්නට



බුදු බණක් කියන්නට...
පුතු ගෙදර ඇවිල්ලා...
බුදු සුවඳ...බුදු එළිය පැල පුරා ඉහිරිලා...
බුදු පුතේ නුඹ දිනක බුදුවෙයන් කියාලා...
නියත විවරණ දෙන්න යමු මැණිකේ නැඟිටලා...
හැබැයි ඉස්සර වගේ...
මගේ පුතේ කියාලා..
තුරුලු කරගන්න නම් එපා ඉක්මන් වෙලා...
බත් කටක් කවන්නට හිත ගියත් ලංවෙලා..
එපා සිල් ඇවැත් වෙයි...
මව් සෙනෙහේ සිහිවෙලා...
බණ කතා කියනකොට...
හුරතලෙන් මුව විදා..
කඳුලු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා..
හැගුම් නැති සිතින් පුත් දකින්නට දිරි පතා..
අපිත් විවරණ ලබමු...
වැටී වැඳ පුතු දෙපා...

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...