ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ



ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ...
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ...
ජීවිතයේ හැමදාමත් සැප ‍රැදෙන්නේ නෑ...
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ...

තොල් අග මදහස දල්වා ප්‍රර්ථනා මල් පිබිදේ...
ලෝකය උඩු යටිකුරු වී ප්‍රර්ථනාවන් වැලලේ...
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ...
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ...

දිවා ‍රැයේ දකින සිහින පවන් සලා ගිමන නිවයි...
සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් අවිලේ...
ගීත හඬින් සුසුම් හඬින් පිරුනු ලෝකයේ...
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ...


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...