මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා

http://2.bp.blogspot.com/-5xVGnpcuAFI/TgNN08GlR5I/AAAAAAAABXQ/CUZ6-C7ve9U/s320/The-Welikada-jail-Sri-Lanka.jpg

මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා
නංගියේ නොහොබිනාකම් හුරුවන්න එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා..
හතුරෙකුටවත් මටවන් දුක වෙන්න එපා

දළදා මැදුරේ තේවා හඬ ‍රැව් දෙනවා
කළ පව් මතක් වී දෑසම තෙත් වෙනවා..
සියක්වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුලැළි බොනවා

ලැබුවේ අවවාද නොහොබින ආරකය..
දුදනන් නිසා විය හෙනහුරු මාරකය..
මං පෙර ගියේ වරදින් පිරි පාරකය..
ඒ ගිය මගේ අවසානය පෝරකය..

1 comments:

  1. තෑන්ක්ස් .......

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...